Monday, May 20, 2024

රතුකුරුස සංවිධානයෙන් ලක්ෂ 12ක ආරක්ෂිත ඇඳුම් කට්ටල නුවරඑළිය රෝහලට

Must read


නුවරඑළිය රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා රතු කුරුස සංවිධානය විසින් රුපියල් ලක්ෂ 12ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 200ක් අද(10) පරිත්‍යාග කරන ලදී.

නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ සහභාගිත්වයෙන්  රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා ඇතුලු කාර්ය මණ්ඩලයට එම ඇඳුම් පිරිනැමිණි.

නුවරඑළිය රතුකුරුස ශාඛාවේ විධායක නිලධාරි ආර් එස් චන්ද්‍රසිරි රූපසිංහ මහතා ඇතුලු නිලධාරීහු ද නුවරඑළිය මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය නිලධාරීහු ද මීට  එක්වුහ.

(lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article