Sunday, May 19, 2024

යුරෝපීය රටවල් වලට කරපිංචා ගෙනයාම තහනම්

Must read

(10.30AM) ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවල් වෙත කරපිංචා ගෙන ඒම තහනම් කිරීමට යුරෝපා සංගමය තීරනය කර තිබේ. 2013 වසරේ නිකුත්වූ වාර්තාවක සදහන් වූ ‘citrus greening’ ලෙස හැදින්වූ බැක්ටීරියාවක් මගින් ශාක වලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සදහා මේ තීරණය ගෙන ඇති බවද වාර්ථා වෙයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි මහතා සදහන් කර ඇත්තේ 2013 නිකුත්වූ මෙම වාර්ථටෙවන් පසු යුරෝපා සංගමය විසින් එම රටවල් වල ජෛවවිවිධත්වය සුරැකීම සදහා නව නීති සකස් කිරීම සිදුකල බවයි.

“Candidatus Liberibacter Bacterium ” නම් බැක්ටීරියාවන් මෙරට කරපිංචා වගා කාලය තුල වාර්ථා වී ඇති නමුත් පැගිරි කුලයේ ශාකයක් ලෙස සැලකෙන කරපිංචා වල ‘citrus greening’ නම් බැක්ටීරියා ආසාදනයක් නොමැති බවත් මේ වන විට සිදුකල සමීක්ෂණ වලින් හෙලිවී තිබෙන බවද වික්‍රමආරච්චි මහතා සදහන් කර ඇත. ඊට අමතරව මේවන විට ඒ සම්බන්දයෙන් යුරෝපා සංගමය දැනුවත් කර ඇති බවත් මේ වන විට කරපිංචා සදහා පනවා ඇති තහනම ඉවත් කිරීමට තව කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article