Thursday, May 2, 2024

යුද්ධය විසින් උදුරාගත් තාරුණ්‍යයට මංගල මල්දම් පැළදේ !

Must read

 9යුද්ධයේ දී ආබාධිත වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ සොල්දාදුවන් තිදෙනෙකුගේ සමුහ විවාහ මංගල්යය උත්සවයක් කුරුණෑගල බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු සැලියුට්(The Salute) උත්සව ශාලාවේ දී පවත්වනු ලැබීය.657

මෙම විශේෂ මංගල්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, මනාලයන් තිදෙනා වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විවාහා ලියාපදිංචි කිරීමේ සහතිකයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කරනු ලැබීය2313

මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍රීනාත් ආරියසිංහ සහ මනාල මනාලි දෙපාර්ශවයේම ඥාති හිතමිත්‍රාදීන් රැසක එක්ව සිටියහ.

පසුගිය යුධ  සමඟයේදි  නගර්කෝවිල් හී පැවති සටනේදි හිසට වෙඩි පහරක් වැදි ආබාධිත තත්ත්වයට පත්ව අභිමන්සල I හී ප්‍රතිකාර ලබමින් සිටි 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් බී.ජි.එස්.කේ. නන්දසිරි සමඟ ගොකරැල්ලේ පදිංචි නිශාන්ති මධුශානි අතිනත ගත් අතර, පුදුමාතලන් හිදි සටහනකදි  බරපතල තුවාල ලබා අභිමන්සල II හී නේවාසිකව ප්‍රතිකාර ලැබු 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජි.ඩී.ටී.බී.එස්.කේ චාමිකර සමඟ මතුගම පදිංචි දිස්නා ප්‍රබෝධනි සියලුම දෙනාගේ ආශීර්වාද මධ්‍යයේ මෙම මංගල උත්සවයේ දී අතිනත ගනු ලැබීය.

එමෙන්ම, පුදුකුඩිරිප්පු අවසන් සටනේ දී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව අබාධිතව දැනට විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලස්ථානයේ සේවයේ නියුතු 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් එම්.පි. ප්‍රේමසිරි සමඟ මොරකෑවේ පදිංචි චන්දිමා හේමලතා රණතුංග අතිනත ගැනීම මෙම මංගල උත්සවයේ දී සිදුවිය.

මෙහිදි යුද් හමුදාධිපතිතුමන් මනාල යුවලන්ට සුභාෂීංශණ පිරිනැමු අතර, නිවසට අවශ්‍ය බඩු බාහිර ත්‍යාග වශයෙන් මනාල යුවලන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෙම මංගල උත්සවය සඳහා විවාහ වන මනාල මනාලියන්ගේ පවුල්වල සාමාජිකයින්, යුද්ධ හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුත්ථාපන අධ්යක්ෂ බ්රිගේඩියර් ශාන්ත තිරුනාවුකරෂු, ජ්යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.
මුලාශ්‍රය -දිණමිණ

Save

Save

Save

Save

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article