Monday, May 20, 2024

යහපාලන දීගය ඉදිරියට : බදාදා කැබිනට් සංශෝධනයක්.

Must read

z_p01-PMකැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.

එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.

SLFP ජාතික ආණ්ඩුවෙන් යන්නේ නෑ

ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක් කණ්ඩායමක් ලෙස සිටිමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සංශෝධන කිරීමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනපති ලේකම් කාර්යාලයේදී අද (19දා) පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

ඕනනම් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍යනම් බහුතර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අද මාධ්‍ය අමතමින් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

මෛත්‍රී – රනිල් දීගය ඉදිරියටත්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්ව ඉදිරියට කටයුතු කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුර්වලතා හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඒකාබද්ධ විපක්ෂය සමග එක්වෙනු ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය දින කිහිපයේදී පෙන්වූයේ බොරු රංගනයක් බවත් ඔහු සඳහන් කළේය.
www.infosrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article