Monday, April 29, 2024

මේ වන විට ඩෙංගු රෝගීන් 45,000ක්,තත්වය බරපතල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Must read

පසුගිය වසර තුල ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 48දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථාවන අතර ඒ ප්‍රමාණය ඩෙංගු රෝගයට ගොදුරු වූ පිරිසෙන් 0.2%ක ප්‍රමාණයක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. ඒ අතරින් වැඩි වහයෙන් ඩෙංගු අවදානමට ලක්ව ඇත්තේ තරුණ පිරිස් හා මහළු පුද්ගලයන් පවත් එම සංඛ්‍යා ලේඛණ වලින් හෙලිවී තිබෙනවා.

මේ වන විට පාසල් හා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන නිරතුරුවම පරික්ෂාවට ලක් කිරීම වැනි ඩෙංගු තර්ජනය පාලනය කිරීම සදහා වන පියවර ගෙන අති බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මුල්ලේරියාවේ පිහිටි බෝවන රෝග සදහා වන රෝහලේ (IDH) ඩෙංගු රෝගීන් සදහාම වන වෙනමම වාට්ටුවක් පිහිටුවීමට කටයුතු කර ඇති බවයි.

මේ වන විට ඩෙංගු රෝගීන් 45,000ක් මෙරටින් වාර්ථා වී ඇති බව පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඩෙංගු රෝගය මේ වන විට ඉතාමත් බරපතල තත්වයක් බවට පත්ව ඇති බැවින් එය පාලනය කිරීම සදහා තමන් ආයතනයට  තනිව කටයුතු කල නොහැකි නිසා සැමදෙනාගේම සහය ලැබිය යුතු බවයි .

Moskity-1-1


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article