Friday, November 15, 2024

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Must read

පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට දූපතට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ව සිටි ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු  හා ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් ඊයේ (නොවැම්බර් 15) රාත්‍රීයේදී කටයුතු කර තිබුණි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්, ට්‍රෝලර් යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න කන්කසන්තුරේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු  කර ඇතැයි වාර්ථා වේ.

01

02

04(1)

ඡායාරූප – දිනමිණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article