Thursday, September 17, 2026
spot_img

මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

Must read

IMG_6091

මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් ස`දහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ —මෙත්සරණ ශිෂ්‍යත්ව˜ වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින්  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉතිරිකිරිමේ බැංකුව සහ AIA ලංකා රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් බැගින් වූ ශිෂ්‍යත්ව 107 ක් මෙහිදී පිරිනැමුණු අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව 10 ක් ප්‍රදානය කෙරිණි.
කේසර චමිදු හේවාසිංහ දරුවා විසින් රචිත “සත්සරගේත් දම්සරගේත් අලූත් අවුරුදු ගමන” නම් වූ ග්‍රන්ථය ද මෙහිදී එම දරුවා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මේ අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්ම මහත්මින් ඇතුඑ පිරිසක් එක්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article