Thursday, May 2, 2024

මෙරට පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ගෝ කාට් ශූරතාවය එළඹෙන ජනවාරියේදී..

Must read

2e855fcb18abe3ccb23687100e0ab234
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තර ගෝ –  කාට් ශූරතාවය වන ‘X30 Asia Cup’  ලබන වසරේ ජනවාරි 13 හා 14 යන දිනයන්හිදී ශ්‍රී ලංකා කාර්ටින් පථයේදී පැවැත්වීමට නියමිතය. ඩෙිවිඩි පීරිස් සමාගමට අනුබද්ධිත සමාගමක් මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය අග්නිදිග ආසියානු රටකින් පිට පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.

The X30 Asia Cup 2018 කුසලානය මෙරටින් ආරම්භ වීමත් සමග වට 6කින් සමන්විත සම්පූර්ණ තරගාවලිය වසර පුරාම සිංගප්පූරුවේදී හා මැලේසියාවේදී පැවැත්වීමට නියමිතයි.මෙරට පැවැත්වෙන තරගය සදහා ආසියානු කලාපයේ මෙන්ම ජාත්‍යන්තර ධාවකයන්ද සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 8 සිට වන තරගකරුවන්ට සහභාගී විය හැකි අතර විවිධ එන්ජින් මොඩල් 6ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරග පැවැත්වෙන කාණ්ඩ

  • Cadets class – වයස අවු. 8 to 12
  • Junior class – වයස අවු 12 to 14
  • Senior class – වයස අවු 14 to 30
  • Masters/Veterans class – වයස අවු 30 හා වැඩි
  • Super Shifter

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article