Sunday, May 19, 2024

‘මුසලි’ සිසුන් සඳහා පුද්ගලික සෞඛ්‍ය ප්‍රවර්ධන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය

Must read


මන්නාරම කරීරස් පරිසර ආරක්ෂණ අංශය මගින් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය ඇතිව මුසලි වේප්පන්කුලම පාසලේ 9, 10, 11, 12 පන්තිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය ඇතිව පෞද්ගලික සෞඛ්‍ය ප්‍රවර්ධන දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද (21) පැවැත්විණි.

කාන්තාවන් සඳහා වූ සම්මන්ත්‍රණය මුසලි වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස් බෙනඩිත්‍රා මහත්මිය විසින් මෙහෙයවන ලද අතර පිරිමින් සඳහා වූ සම්මන්ත්‍රණය එම කාර්යාලයේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ඒ.කේ.ජවාහිර් සහ ඩිලක්සන් කෲස් විසින් මෙහෙයවන ලදී.

එය අද (21) අඟහරුවාදා පෙරවරු 9.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්විණි. මෙම අවස්ථාවට සිසුන් 30 දෙනෙකු සහ සිසුවියන් 30 දෙනෙකු සහභාගී වී ප්‍රතිලාභ ලබා ගත්හ.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article