Friday, May 17, 2024

මීරිගම විද්‍යාපිඨයේ 50 කට කොරෝනා ….

Must read

කොරෝනා නිදහසේ රටපුරා පැතිර යමින් ඇති බව දැන් පැහැදිලි වෙමින් තිබේ. තතු ඒසේව තිබියදි සාද, විශාල ජන ඒකරාශි විම් පමණක් නොව එළිමහන් සංගිත සංදර්ශණද වේ .
සිරිපාදයට පමණක් නොව ෆෝට් සිටිය නරඹන්නට දහස් ගණනින් ජනයා ඇදේ .
රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අනතුරු අගවමින් කියා සිටියේ ඉදිරි සති කිපය තුල කොරෝනා රෝගින්ගේ වැඩිවිමක් සිදුවිමට නියමිත බවය.
දැනටමත් එය තහවුරු වෙමින් තිබේ

.

මීරිගම හාපිටිගම් අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා ආරම්භ කර ගත වූ ගත වූ සතිය තුළදී  ගුරු  සිසුවියන්  පනහකට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි විද්‍යාපීඨ ආරංචි මාර්ග අද (21) සවස හෙළි කර තිබෙන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එම පුවතේ තවදුරටත් මෙසේද සදහන්ය.

විද්‍යාපීඨයේ පාඨමාලා ඉකුත් 15 වැනි දා ආරම්භ කෙරුණු අතර  තෙදිනකට පෙර ගුරු සිසුවියන් දෙනෙකු  කොරෝනා ආසාදිත බව හෙළි වී ඇත.

අනතුරුව ඊයේ 20 සිදුකෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලදී ගුරු සිසුවියන් 38 දෙනෙකු කොරෝනා ආසාදිත බව හෙළි වී ඇති අතර අද දිනයේ ද තවත් 6 දෙනෙකු කොරෝනා  ආසාදිත බව අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

අම්පාර ප්‍රදේශයේ සිට පැමිණි ගුරු සිසුවියකගෙන් වැඩි පිරිසකට රෝගය බෝවී ඇතැයි සැක කෙරෙන අතර තවත් අය රෝගී වූ ආකාරය අනාවරණය වී නැති බවද වාර්තා වේ. 

ගුරු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති බව ද  ආසාදිත වූවෝ සීදුව අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි ද විද්‍යාපීඨ ආරංචි මාර්ග හෙළි කළේය. 

විද්‍යාපීඨය පුරා පැතිර යන්නේ ඔමික්‍රෝන්  ප්‍රභේදයේ දැයි සැක කරන බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කලේය.

මේ සම්බන්ධව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ ආසාදිත බව හෙළිවී ඇති ගුරු සිසුවියන් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවය. 

එමෙන්ම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බවත් රෝගී වූවන් ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත් ආශ්‍රිතයන්  නිරෝධායනයට ලක් කිරීමටත් පියවර ගෙන ඇති හෙයින් අනිසි බියක් ඇති  කරගත යුතු නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article