Thursday, May 9, 2024

මියගිය විරු සොහොන් විනාශ කිරීම ගැන ඥාතීන් කණස්සල්ලෙන්

Must read

 

මඩකලපුව – වාකරේ ඉදිකර ඇති  යුද්ධයෙන් මියගිය දමිළ විරුවන් වෙනුවෙන්  ඉදිකරන ලද සමරු ස්මාරක ඊයේ (24) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් විසින් කඩා බිඳ දමා ඇති බවට විරුවන්ගේ ඥාතීහු කනස්සල්ල පළ කරති.එළැඹෙන 27 වන  විරු සමරුවට පෙර පවිත්‍ර කිරීමේ කටයුතු සහ සූදානම් කිරීමේ කටයුතු මේ දිනවල  පළාතේ විවිධ ස්ථානවල දිවි පිදූවන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලද අතර, ඊයේ රාත්‍රියේ කණ්ඩලඩි වගරෙයි තුයිලුම් ඉල්ලම් පරිශ්‍රයට නාඳුනන පුද්ගලයින් ඇතුළු වී එහි සංවිධානය කර තිබූ සමරු ස්මාරක, වැටවල් සහ අලංකාර රතු සහ කහ කොඩි ආදිය විනාශ කර ඇති බවට ඔවුහු කනස්සල්ල පළ කළහ.
ඉතින් ඇයි මේ සිද්ධිය කරපු අය රෑට ඇවිල්ලා මේ වගේ පහත් ක්‍රියා කරන්නේ.මේක කලබලකාරී ක්‍රියාවක් විදිහටයි සලකන්න ඕන.ඒ වගේම උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ සියලුම විරුවන්ගේ නිවෙස්වල සමරු උත්සව සූදානම් කරනවා.මෙවැනි ව්‍යාකූලත්වයට සහ බිය උපදවන ආකාරයෙන් කටයුතු කිරීම නතර කරන ලෙස සංවිධායක කමිටුව මාධ්‍ය හරහා දන්වා සිටින අතර  27 වැනිදා සමරු උත්සවය අපේක්ෂා කළ පරිදි පවත්වන්නට කටයුතු යොදා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article