Thursday, May 2, 2024

දේශසීමා, පවුරු නැති, උතුම් මානව ප්‍රේමය වෙනුවෙන් නැගෙනහිර ටිමෝරයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය ගෞරව සම්මාන පදක්කමක්

Must read

නැඟෙනහිර ටිමෝරය පිහිටා ඇත්තේ පැසිෆික් සහ ඉන්දියානු සාගර අතර මැලේ දූපත් සමූහයේ දකුණු කෙළවරේ ලෙස්සර් සුන්ඩා දූපත් වල ය. එහි අගනුවර සහ විශාලතම නගරය වන්නේ රටේ උතුරු වෙරළ තීරයේ දිලි ය.  එය ටිමෝරය-ලෙස්තේ නොහොත් නැගෙනහිර ටිමෝරයයි. ටිමෝරයේ දූපතෙන් අඩක බලය පිහිටුවා  සිටින අග්නිදිග ආසියානු රටකි, සමුද්‍ර ජීවීන්ගෙන් පිරී ඇති කොරල්පරවලින් වට වී ඇති මෙම සුන්දර රට  1975 දී පෘතුගාලයෙන් සහ  2002 දී ඉන්දුනීසියාවෙන් නිදහස ලබා ගැනීම සඳහා රටෙහි අරගල කළෝය. අගනුවර වන දිලී හි පිහිටා ඇති මීටර් 27 ක් උසැති ක්‍රිස්ටෝ රෙයි ඩි දිලි ප්‍රතිමාව නගරයට ඉහළින් කඳු මුදුනක පිහිටා ඇති අතර 1996 දී ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝ විසින් නිල වශයෙන් එළිදක්වන ලද්දේ ඉන්දුනීසියානු රජය විසින් එවකට ඉන්දුනීසියානු පළාත වූ ටිමෝර් ටිමූර් වැසියන්ට ත්‍යාගයක් ලෙසිනි. ලෝක බැංකුව වාර්තාවන්ට අනුව 2021 හී ජනගහනය මිලියන 1.321 වන අතර ප්‍රජාතන්ත්‍රවාදය, ජනරජය, ඒකීය රාජ්‍යය, පාර්ලිමේන්තු ක්‍රමය, අර්ධ ජනාධිපති ක්‍රමය එහි පාලනය ක්‍රමයයි. දළ දේශීය නිෂ්පාදිතය 2021 අනුව  ඩොලර් බිලියන 3.621කි.

වසර ගණනක්ම විවිධ ජාතීන්ට යටත්ව නිදහසේ සිහින දකිමින් පීඩා විඳි ටිමෝරයේ ජනයා තම නිදහස වෙනුවෙන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කරන ලදී. පෘතුගීසි යටත් විජිතයක්ව පැවැති නැගෙනහිර ටිමෝරය 1975 නොවැ 28 වෙනිදා නිදහස ලබූ අතර එදිනම ටිමෝරියානුවන් සිය නිදහස් රාජ්‍යය ප්‍රකාශයට පත් කළේය.

වත්මන් ජනපති රමෝස් හොර්තා ඒ නිදහස් රාජ්‍යයේ පළමු විදේශ ඇමතිවරයා විය. එහෙත් නැ.ටිමෝරය සිය රජය පවත්වාගත හැකිව තිබුනේ දින කිපයක් පමණි. 1975 දෙසැම්බර් 07 වනදා ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝරය බලහත්කාරයෙන් අල්ලාගෙන ම්ලේච්ඡ පාලනයකට රැගෙන ගියේය. එරට නිදහස දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදුනේ පෙටලින් නම් විමුක්ති ව්‍යාපාරයකි.  ඇත්තෙන්ම නිදහසින් පසු බලය හිමිවිය යුතුව තිබුනේ ඔවුනට ය. නමුත් ඉන්දුනිසීයානු යුධහමුදා මැදිත්ව පෙටලින් විමුක්ති හමුදාවට පහර දී නැගෙනහිර ටිමෝරය බලෙන් අල්ලා ගත්තේය. නැගෙනහිර ටිමෝරයේ ජනයා දහස් ගණනින් ඉන්දිනිසියානු යුද හමුදා මරා දමන ලදී.

මෙම පාලනයට එරෙහිව නැගෙනහිර ටිමෝර ජනතාව පෙරමුණු දෙකකින් සටන් කලේය. ඉන් එකක් වුයේ ගරිල්ලා සටනයි. අනික වුයේ ලොව පුරා රටවල සහයෝගිතාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වු පුලුල් ප්‍රචාරාත්මක සහ විරෝධතා වැඩපිලිවෙලයි. මේ යටතේ 1994 මැයි මාසයේ පිලිපිනයේ මැනිලා නුවරදි  සංවිධානය කෙරුණු නැ.ටිමෝර ආසියා පැසිපික් පළමු සමුළුව  තහනම් කරන ලෙස ඉන්දුනීසියාව විසින් පිලිපින රජයට බලකර සිටියේය. මේ වෙනුවෙන් සංවිධායකයින් අධිකරණයට ගොස් තිබුන අතර එහිදි තින්දු වුයේ සමුලුව පැවැත්විමට ඉඩ දිය යුතු බවය. නමුත් එය විදේශිකයන්ට තහනම් විය.

එවකට ශ්‍රී ලංකාව තුළ “තෙවන ලොව මිතුරෝ” නමින් ජාත්‍යන්තර අරගලවලට පෙනී සිටි ව්‍යාපරයක් ආරම්භ කර තිබුනි. නැ.ටිමෝර ආසියා පැසිපික් පළමු සමුළුවට සහභාගීවන්නට මෙම සංවිධායකයෝ  තීරණය කර අතර ඔවුන් මැනිලා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළට බලා පිටත්වූහ. ප්‍රෙඩි ගමගේ ඇතුලුව තවත් දෙදෙනෙක් මෙම පිරිසේ සමාජිකයින් වූ අතර ඔවුන්ට යන්නට ලැබුනේ එරට ගුවන්තොටුපළට පමණි. එරට හමුදා පාලනයේ ම්ලේඡත්වයට හා මර්දනයට විරෝධය පෑම අරමුණු කරගත් මෙම සමුළුව ජාත්‍යන්තර එකක් වූ බැවින් එහි ඇති අයිතිය උදෙසා කාණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රේඩී ගමගේ  නිළධාරීන් සමඟ අරගල කළේය. ඒ අතරතුර අනෙක් දෙදෙනා කාමරයකට දමා වසා දැමීය. මේ අවස්ථාව වාර්තා කිරිමට පැමිණි සිට දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ අවධානය ලබා ගනිමින් නැගෙනහිර ටිමොර් නිදහස් අරගලයේ අයිතිය පිළිබඳ ව ප්‍රෙඩි ගමගේ මැනිලා ගුවන් තොටුපල මධ්‍යයේ විනාඩි 5ක පමණ කතාවක් පැවැත්විය.

ඉතා හොඳින් තගාලොග් නම් පිලිපීන භාෂාව හැසිරවීමට ඇති හැකියාව ප්‍රේඩී ගමගේට තම විරෝධය පෑමට විශාල පිටිවහලක් විය. ඒ නිසාම ඔහුව එතැනට පැමිණි සිටි රූපවාහිනී, පුවත්පත්, ගුවන් විදුලි මාධ්‍යවේදීන් වටකර ගත්තේය. නැගෙනහිර ටිමොර් නිදහස් අරගලය වෙනුවෙන් තිබූ ජාත්‍යන්තර සහයෝගීතා රැස්වීමට වැඩිම ප්‍රචාරයක් ලැබුනේ මේ සිද්ධිය මුල් කරගෙනය. පිලිපීනය, තායිලන්තය, මලයාසියාව වැනි අසල්වැසි සෑම රටකම විශාල ප්‍රචාරයක් ලැබුනු අතර රොයිටර් පුවත් සේවය, බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවය මෙය ලොව පුරා ප්‍රචාරය කර හරින ලදී.  ශ්‍රී ලංකාවේ ද පුවත්පත් වලට ද මෙම සිද්ධිය ප්‍රධාන පුවතක් විය.  තායිලන්තයේ ද නේෂන් පුවත්පතේ පළ වූයේ ප්‍රේඩි ගමගේ බිම දිගේ ගුවන් යානයට ඇදගෙන යන ඡායාරූපයකි.  එහි දී ඔහු නිදහස් අත ඔසවා නැගෙනහිර ටිමෝරයට ජයවේවා!  නිදහස් අරගලය දිනේවා!! යැයි මහ හඩින් තගාලොග් බසින් කෑ ගැසූවේය.  එතැන් පටන් ටිමෝරයට නිදහස  ලැබෙන තෙක්ම ලංකාවේ ඉන්දුනීසියා තානාපති කාර්යාලය ඉදිරිපිටදි සෑම වසරකදිම “තෙවන ලොව මිතුරෝ” සංවිධානය  විරෝධතා සංවිධානය කෙරුණි.

බොහෝ දේශපාලකයින්ට, මාධ්‍යකරුවන්ට උතුරට ගිය විට දකින්නේ දෙමළුන්ය, දකුණේ සිංහලයන්ය, නැගෙනහිර මුස්ලිම්වරුන්ය, ඉන්දියාවට ගියවිට ඉන්දියානුවන්ය, ටිමෝරයට ගියවිය ටිමෝරයින් ය. නමුත් ප්‍රේඩී ගමගේ මේ සෑම තැනකදී ම දකින්නේ සියළු මානව අයිතීන් ඇති මිනිසුන් ය. ඔහුට උතුරේදී දමිළයින් හමුනොවේ.
ටිමෝරයේදී ටිමෝරයින් හමු නොවේ. ඒ සියල්ලෝම ඔහුට මිනිසුන්ය. මානවයින් ය. ඒ නිසා ඔහු විශිෂ්ට මානවවාදී සටන්කරුවෙකි. ආදරණිය සටන් සගයෙකි.

පසුගිය අරගලය දක්වා ඔහු රටේ නිදහස හා සෑබෑ මානවවාදී රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් නිරන්තරයෙන්ම සටන් වදින්නෙකි. ඉතාම දූෂිත දේශපාලන අධිකාරියකින් පිරුණු මීගමුවේ ඔහු ගෙවන්නේ තර්ජන ගර්ජන මැද ජීවිතයකි. මීගමු ධීවරයාගේ අයිතිවාසිකම් සහ මීගමූවේ අසාධාරනය වන සෑම තැනකම ඔහු පෙරමුණේ සිටිනු දැකිය හැක. ලංකාවේ ප්‍රදේශීය පුවත් ජාලයක් ඇරඹීම වෙනුවෙන් නොනවතින සටනක යෙදෙන ඔහු මීපුර පුවත්පතත්, මීපුර වේබ් අඩවියත් දැයේ යහපත උදෙසා මෙහෙය වන්නේය.
දේශසීමා නොමැතිව මානවයින්ගේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට හා ඒ උතුම් මානව ප්‍රේමයට ගරු කරමින්  නැගෙනහිර ටිමෝරයේ  ගරු ජනාධිපතිවරයා විසින් නිදහස් අරගලයට කළ දායකත්වය ද සිහිකරමින් ගෞරව සම්මාන පදක්කම් පිරිනැමිම 2023 නොවැම්බර් මස 27 වැනි දින සුදානම් කර තිබේ. අපද ඔබේ එම මෙහෙවර අගයන්නෙමු.
සටන් සගය ඔබ අපේ රටට ලබාදෙන මේ උසස් මානව ගෞරවයට අප හදවතින් ම සුබ පතන්නෙමු.

සාලිය ලියනාරච්චි
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article