Sunday, May 19, 2024

මිතුරාගේ නිරුවත් ඡායාරූප මුහුණුපොතට එක්කළ සිසුන් දෙදෙනෙක් රිමාන්ඩ්.!

Must read

FB
17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප මුහුණුපොත හරහා අන්තර්ජාලයට එක්කළ බව කියන, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් දෙදෙනෙකු අද (27 දා ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත් ෆිලීෂියන් පෙරේරා මහතා පෙරේදා (25 දා ) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කුරුණෑගල නගරයේ ප‍්‍රධාන පෙළේ මිශ‍්‍ර පාසලක ඉගෙනුම ලබමින් සිටින, වින්දිත සිසුවාගේ සමීපතම මිතුරන් බව කියන 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

එකම පාසලේ ඉගෙනුම ලබමින් සිටින මෙම සිසු පිරිස, ඔවුන්ගේ මිතුරෙකුගේ නිවසට ගිය අවස්ථාවක වින්දිත සිසුවාට කළ විහිඵවක් දුරදිගයාමෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. දිය නෑමෙන් පසු නාන කාමරයේ එළියට පැමිණි වින්දිත සිසුවාගේ තුවාය කඩා, ඔහුව නිරුවත් කර ඇති අනෙක් සිසුන් තම ජංගම දුරකථනවලින් එම සිසුවාගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බව පොලිසිය කියයි. එලෙස ලබාගත් ඡායාරූප ඉන් දින කිහිපයකට පසුව, මෙම සිසු පිරිස විසින් මුහුණුපොත තුළ නිර්මාණය කරගෙන සිටින කණ්ඩායම් සංවාදයක් වෙත (ෆේස්බුක් චැට් ගෲප්) එහි සාමාජිකත්වය දරණ සිසුන් කිහිපදෙනෙකු විසින් මුදාහැර ඇති අතර, එම නිරුවත් ඡායාරූප පිළිබදව සෙසු සිසුන් විසින් විවිධ අදහස් දැක්වීම් (කමෙන්ට්ස් ) කරමින් සිටින බව වින්දිත සිසුවාගේ මව්පියන් වෙත අනාවරණය වී තිබේ.

වින්දිත සිසුවාගේ මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වින්දිත සිසුවාගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට සහ එය අන්තර්ජාලයට මුදාහැරීමට සිසුන් දෙදෙනෙකු සහ පාසල් අධ්‍යාපනය අවසන් කළ වයස අවුරුදු 18 ක තරුණයෙකු සම්බන්ධ බවට අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව පොලිසිය විසින් එක් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතර අනෙක් සැකකාර සිසුවා ඔහුගේ මව්පියන් සමග පැමිණ කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණ භාර වී තිබේ. කුරුණෑගල වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිසුහු අද දිනයේදී කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති. පොලිසිය මගහරිමින් සිටින 18 හැවිරිදි තරුණයා සොයා පොලිස් මෙහෙයුම් දියත් කර ඇති අතර අදාල මුහුණුපොත් කණ්ඩායම් සංවාදයේ සාමාජිකත්වය දරන තවත් සිසුන් විසි දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවද පොලිසිය කියයි.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සහ කුරුණෑගල පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
බණ්ඩාර රත්නායක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article