Thursday, May 16, 2024

මිගමු සිරස මාධ්‍යවේදියාට ගහපු තවත් අය නිදැල්ලේ ???

Must read

This image has an empty alt attribute

මිගමුව සිරස සහ ශක්ති මාධ්‍යවේදි M.Z.සහජාන්ට ඊයේ දළුපත ෂෙඩ් ඒකේ අයිතිකාරයයි ඒයාගේ පුතයි ගහල තිබුනේ ඉන්ධන නැති එක ගැන වාර්තා කරන්න ගිහින් තියෙන කොට. තමන් මාධ්‍යවේදියෙක් කියල රජයේ මාධ්‍ය හැදුනුම් පත පෙන්නන කොටත් හොදටම ගහල එයා විඩියෝ කරමින් හිටපු කැමරා ෆෝන් එකයි මාධ්‍ය හැදුනුම් පතයි උදුරල අරගෙන . මේක බරපතල වැරැද්දක්.

රජය නිකතු කරපු මාධ්‍ය හැදුනුම් පතටවත් ගරු කරන්න දන්නේ නැත්නම් මේ ෂෙඩ් කාරයාගේ තරම තේරුම් ගන්න පුලුවන්
සිරස මාධ්‍යවේදියාට ගහපු මේ ෂෙඩ් කාරයා බිල හිටිය කියලත් පොලිසියේදි වාර්තා වුනා.

කොහොම හරි මේ ගැන මිපුර වෙබ් අඩවිය ඇතුළු තවත් මාධ්‍යවල පළවෙනවත් එක්කම ෂෙඩ් ඒකේ අයිතිකාරයවයි එයාගේ පුතාවයි අත්අඩංගුවට අරන් තියෙනවා.

සහජාන් මාධ්‍යවේිදියාගේ ෆෝන් උදුරගත්ත රැවුල තියෙන වයසක මනුස්සය ඇතුළු තවත් කිප දෙනෙක් ඉන්නවා අත්අඩංගුවට ගන්න , ෂෙඩ් කාරයා කියනවලු ඒයා දන්නේ නැ කියල තව කව්ද ගහන්න ආවේ කියල. ඒවා බබා ටෝක්. ඒතන CCTV වල සම්පුර්ණ විස්තරේම ඇති . දැනට මිගමුවේ අංක 6 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිරස මාධ්‍යවේදි සහජාන් අපට කිව්වේ එයාට ගහපු අනික් අයවත් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කළ යුතුයි කියල .

මාධ්‍යවේදියෙකුට අත තියපු කාටවත් නිදැල්ලේ ඉඩ දෙන්න පොලිසියට බැ.ඒ අයව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඔ්නා.
negombo hot news

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article