Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මැද පෙරදිග රටවල් කිහිපයක සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට තහනමක්

Must read

සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් මෙරටට පැමිණීම අත්හිටුවීමට තීරණය කල බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව එම තහනම ජුලි 1 වනදා සිට 13 වනදා දක්වා ක්‍රියාත්මකය.

එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වළකින ලෙස අදාළ ගුවන් සමාගම් ද දැනුම්වත් කර තිබේ.
එම රටවල් වලට අමතරව ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් සිට පැමිණෙන මගීන් සඳහා ද මෙරටට පැමිණීමේ තහනමක් ජුලි මස 31 වනදා දක්වා පැනවීමට ඊයේ (28) පියවර ගනු ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article