Monday, September 14, 2026
spot_img

මැතිවරණ කොමිසම හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද

Must read

‍මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතය. අද උදෑසන 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව සදහා පවතින කොවිඩ්19 වෛරස් ව්‍යාප්ති තත්වය හමුවේ එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී වන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ද සිදුකර ඇත.

ජුනි 20වන දිනට පැවැත්වීම සදහා යෝජනා වී ඇති මහ මැතිවරණය සදහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ට අංක ලබාදිමේ කටයුතු අනිද්දා දිනයේ දී  සිදුකිරීමට නියමිත බවද වාර්ථා වෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article