Monday, May 20, 2024

මැතිවරණ ක්‍රමය විහිළුවක් වෙයි : කාන්තා නියෝජනය නොසළකා හරියි.

Must read

 

පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර  තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා  හැරීමට  දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.

පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා  නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස ඇතැම් සභා ස්ථාපිත කිරිමේ දී කාන්තා නියෝජනය නොසළකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර  පක්ෂ නායක නායකයින්ට අමතර  මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ.

කාන්තාවන්ට සියයට 25 ඕනෑමයි – රෝසි 

පළාත් පාලන ආයතනවල කාන්තා සභාගාත්වය 25%ක් බවට වන යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා තම පූර්ණ සහාය හිමිවන බවත් කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසයි. ඒ ඇය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට යොමුකළ ලිපියක් මගිනි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන වල සභික සංඛ්‍යාව තේරීමේදී මේ වන විට කාන්තාවන්ට 25%ක් ලබාදීම පිළිබඳව ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙම ලිපිය යොමුකර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article