Thursday, May 2, 2024

මාර්ග අවට ගැවසෙන වන අලීන්ට කෑම දෙන අයට නඩු

Must read

බුත්තල – කතරගම මාර්ගයේ මෙන්ම උඩවලව හා හබරණ ආදී මාර්ග වලද වන අලීන්ට ආහාර ලබාදෙන පුද්ගලයන් හා වන අලීන්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එමෙන්ම බුත්තල – කතරගම පාරේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී  දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා යාල ගල්ගේ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ  මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් අමාත්‍යංශය සකසා ඇත.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article