Friday, May 17, 2024

වවුනියාවේ ගුරු නිවසක සොරකමක්, සේවිකාවක් අත්අඩංගුවට

Must read

වව්නියාව, මන්නාරම පාර, දෙවන පියවර ප්‍රදේශයේ ගුරුවරියකගේ නිවසකින් රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට නෙළුකුලම් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මීට දින කිහිපයකට පෙර නිවසේ තබා තිබූ රන් මාලයක්, මුදල් පනස් දහසක් සමඟ සොරකම් කර තිබුන අතර එම නිවසේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම ගුරුවරුන් ලෙස සේවය කරති.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම නිවසේ සේවය කළ චිදම්බරපුරම් ප්‍රදේශයේ ගෘහ සේවිකාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා සොරාගත් රන් ආභරණ සහ මුදල් සොයාගෙන තිබේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් දන්වා ඇත

වසන්ත රූබන් -වව්නියාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article