Monday, May 20, 2024

මාන්කුලම් දුම්රිය ස්ථානයේ අලංකරණයට ස්වෙච්ඡා සංවිධාන වල සහය

Must read

මාන්කුලම් දුම්රිය ස්ථානය ජනතාවට වඩාත් ප්‍රයෝජනවත්  ආකාරයට හැඩගැස්වීමට දායක වෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව   විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ව විවිධ පාර්ශවවලින් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මේ ආකාරයට දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය පිරිසිදු කර අලංකාර කිරීමේ කටයුතු සහ රුක් රෝපණ ව්‍යාපෘති අඛණ්ඩව සිදු කෙරේ. එහි කොටසක් ලෙස  පසුගිය (15) ජනතා පරිහරණය සඳහා විවිධ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක විය.

ඒ ආකාරයට B.B.K ආයතනයේ අනුග්‍රහය යටතේ පුස්තකාලය සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් සහ අල්මාරි පහසුකම් සපයාදීමත්, වින්ග්ස් සංවිධානය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මෙම පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාග කර විවෘත කිරීමත්, ප්‍රයෝජනවත් පැළ 50ක් සිටුවීමේ උත්සවයක්ද පැවැත්විණි. හරිත ස්ථරය සංවිධානය මගින් දුම්රිය ස්ථාන පරිශ්‍රය අලංකාරකර පවිත්‍ර කිරිමේ වැසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ෂන්මුගම් තවසීලන්

 

 

 

 

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාන්කුලම් දුම්රිය ස්ථානයේ පුස්තකාලය සහ පිරිසිදු පානීය ජල පහසුකම්

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් නගර් ප්‍රදේශයේ පිහිටි දුම්රිය ස්ථානයේ පිරිසිදු පානීය ජල පහසුකම් සහ පුස්තකාල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැතිවීම අඛණ්ඩව නිරීක්ෂණය විය.

 

දුම්රිය ස්ථානාධිපති කේ.කලයිවෙන්දන් මහතාගේ ඉල්ලීම මත දුම්රිය ස්ථානාධිපති කේ.සුදර්න් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දුම්රිය ස්ථාන අධිකාරී සුරේන්ද්‍රන්, මුලතිව් දිස්ත්‍රික් අතිරේක ආණ්ඩුකාර කනකේෂ්වරන්, ආචාර්ය කේ. උදයසීලන්, B.B.K ගිණුම්කරණ සමාගමේ වවුනියාව ශාඛාවේ කළමනාකරු සජින්තන්, ග්‍රීන් ලේයර් සංවිධානයේ අධ්‍යක්ෂ සසිකුමාර්, වින්ග්ස් සංවිධානයේ සජීවන්, දුම්රිය ස්ථාන කළමණාකාර සී. අනුෂියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article