Saturday, May 18, 2024

මාධ්‍යවේදීන් ඝාතනයට විරුද්ධව පුවත්පත් මුද්‍රණය නවතී..

Must read

_95430121_mediaitem95430120

මෙක්සිකෝවේ ප්‍රදේශිය පුවත්පතක මාධ්‍යවේදිනියක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් එම පුවත්පතේ මුද්‍රණ කටයුතු නතර කිරීමට පුවත්පතේ බලධාරීන් තීරණය කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මර්තු මාසය තුල පමණක් මාධ්‍යවේදීන් තිදෙනෙකු මෙක්සිකෝවේදී ඝාතනය කල නමුත් ඒ කිසිදු සිදුවීමක් සම්බන්දයෙන් මේ වන තෙක් පරීක්ෂණ කර වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමක් වාර්ථා වී නැති බවයි. එලෙසම විශේෂයෙන් මෙසේ ඝාතනයට ලක්වී ඇති මාධ්‍යවේදිනිය එරට දේශපාලකයන් හා එරට සිදුවන අපරාධ අතර ඇති සම්බන්දතාවයන් පිලිබදව නොබියම තම අදහස් දැක්වී අයෙක් බවයි පුවත්පතේ කාර්‍යමණ්ඩලය පවසන්නේ.

මෙලෙස ඝාතනය වූ මාධ්‍යවේදීනිය ඝාතනය කිරීමේදී ඇය ගමන්ගත් මෝටර්රථයට වෙඩි ප්‍රහාර 8ක් එල්ල කර ඇති අතර ඇගේ ඝාතකයා විසින් ඇය මරා දැමීමෙන් අනතුරුව සහටනක් තබමින් කියා ඇත්තේ ඇගේ කටේ ශබ්දය වැඩි නිසා ඇයව ඝාතනය කල බවයි. මේ සිදුවීමත් සමග පුවත්පතේ බලධරීන් පවසන්නේ සෑම දෙයකටම ආරම්භයක් හා අවසානයක් ඇති බවත් ඒ සදහා යම් ගෙවීමක් කිරීමට සිදුවන බවත්ය.නමුත් මේ වන විට එම ගෙවීම වී ඇත්තේ පුද්ගලයන්ගේ ජීවිතය වන නිසා තමන්ගේ කාර්‍යමණ්ඩලයේ ජීවිත අනතුරේ හෙලීම කල නොහැකි බැවින් පුවත්පත මුද්‍රණය කිරීම නවත්වන බව ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් කෙසේ හෝ පවත්පත අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව ඔවුන් පවසනාවා.

 

මාධ්‍යවේදිනිය ඝතනය කිරීමට විරෝධය පමින් පැවැත්වූ විරෝධතාවය.
මාධ්‍යවේදිනිය ඝතනය කිරීමට විරෝධය පමින් පැවැත්වූ විරෝධතාවය.
ක්‍රියාකාරීන් පවසන ආකාරයට මාධ්‍යවේදීන් සදහා අනාරක්ෂිතම  රට මෙක්සිකෝව බවයි.
ක්‍රියාකාරීන් පවසන ආකාරයට මාධ්‍යවේදීන් සදහා අනාරක්ෂිතම රට මෙක්සිකෝව බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article