Monday, May 6, 2024

මාධ්‍යවේදියෙකු පළ කළ ලිපියක් ගැන පැමිණිල්ලක් විභාග කරන්න පොලිසියට අයිතියක් තිබේද ?

Must read

media-minister-නැගෙනහිර මාධ්‍ය එකමුතුවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වන නිලාන්දන් නැමැති මාධ්‍යවේදියාව පොලිසියට කැදවා ඇතැයි වාර්ථා වේ.
එරාවුරු පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන නිලාන්දන් වෙත මෙම පණිඩවිය ලැබි තිබුනේ එරාවුර් පොලිසිය මාර්යෙනි,police msh for nilandan

ඉන් ඔහුට දන්වා තිබුනේ පැමිණිල්ලක් විභාග කිරිම සදහා මඩකලපුව පොලිසියට පැමිණෙන ලෙසයි
මේ පැමිණිල්ලට නිමිත්ත වි තිබුනේ මඩකලපුව දිසාපතිවරියගේ පරිපාලන ක්‍රියාපිළිවෙත ප්‍රශ්ණ කරමින් තායමන් සහ ටැමිල්වින් යන වෙබ් අඩවි වල පළකරන්නට යෙදුන ලිපියක් හේතුකොට ගෙනය.
එහෙත් පොලිසිය විසින් මෙසේ මාධ්‍යවේදියෙකුගේ මාධ්‍යකරන ලියවිල්ලක ගැන පැමිණිලි විභාගයක් කිරිමට ඉඩකඩක් නැති බව මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් මඩකලපුවෙ පොලිස් ස්ථානධිපතිවරයාට මෙන්ම මඩකලපු දිසාපතිතුමියට දන්වා ඇතැයි වාර්ථා වේ.
කිසියම් මාධ්‍යයක්‌ මගින් පළවූ පුවතක්‌ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ පුවත්පත් මණ්‌ඩලයට පුවත්පත් පැමිණිලි කොමිසමට හේ දිසා  අධිකරණයකට පමණක්‌ යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය සංවිධාන හමුවේ ප්‍රකාශ කර තිබුන අතර  එවැනි පැමිණිලි භාර නොගතයුතු බව සියලු පොලිස්‌ ස්‌ථාන වෙත දැනුම් දෙන බවද හෙතෙම අවධාරණය කලේය.
මෙම එකගතාවයට පැමිණ තිබුනේ 2015 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති රැස්විමකදිය.
මෙම රැස්විම සදහා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ,ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන පෙලේ නිළධාරින් රැසක් ඇතුළව මාධ්‍ය සංවිධාන නියෝජිතයන් පැමිණ සිටියහ.
පසුගිය දිනක සත්හඩ පුවත්පතේ කර්තෘවරයා හා ප්‍රවෘත්ති කර්තෘවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිම වරදක් බව ජනමාධ්‍ය ආමාත්‍යවරයා මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද  කියා සිටියේය.
එමෙන්ම මින් ඉදිරියට මාධ්‍යවේදින් හට මෙසේ පොලිසිවලට පැමිණෙන ලෙස දන්වා ඇති නම් ඒ බව ජනමාධ්‍ය අමත්‍යංශයට දැනුම් දෙන ලෙසද මාධ්‍ය සංවිධානවලින් ඉල්ලා සිටියේය.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන 9 ක් මෙම රැස්විමට සහභාගිව සිටියේය.

meeting with mediadeepthi adikarimathanfreedy G 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article