Tuesday, May 7, 2024

දමිල මාධ්‍යවේදියෙකුට එරෙහි පැමිණිල්ල සිංහලෙන් විභාග කළ මඩකලපුව පොලිසියට අපේ විරෝධය !

Must read

නිලාන්දන් වෙත එරාවුරු පොලිසිය යැවු සිංහල පොලිස් පණිවිඩය
නිලාන්දන් වෙත එරාවුරු පොලිසිය යැවු සිංහල පොලිස් පණිවිඩය

මඩකලපුවේ දිසාපතිතුමියගේ පරිපාලනමය ක්‍රියා පිළිබදව විවේචනාත්මක ලිපියක් වෙබ් අඩිවියක පළකිරිම සම්බන්ධයෙන් මඩකලපුව දිසාපතිතුමිය මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

තයාමන් වෙබ් අඩවිය 2015 අප්‍රෙල් 29 වනදා එළිදැක්වු මොහොත
තයාමන් වෙබ් අඩවිය 2015 අප්‍රෙල් 29 වනදා එළිදැක්වු මොහොත

මේ පැමිණිල්ල විභාග කිරිම සදහා එරාවුර් පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන මාධ්‍යවේදි නිලාන්දන් හට මඩකලපුව පොලිසියට පැමිණෙන ලෙස දන්වමින් පණිඩිඩයක් යවා තිබුනේ සිංහලෙනි.
ඒහි ඇති එකදු අකුරුක්වත් කියවා ගැනිමට නිලාන්දන්ට නොහැකිය.
තතු එසේව තිබියදි නිලාන්දන්  පොලිසියට පැමිණි පසු පැමිණිල්ල විභාග කරන්නට දමිල පොලිස් නිළධාරියෙකුද නැත.මාධ්‍යවේදි නිලාන්දන් සිංහල දන්නේ ද නැත.
ඉතින් පැමිණිල්ල විභාග කරන්නේ කෙසේද?
මේ කටයුත්තට යොදා තිබුන නිළධාරියාට මාධ්‍යවේදියෙකුගේ පැමිණිල්ලක් විභාග කිරිමට කිසිදු අවබෝධයක් තිබුන බවක් නොපෙනේ.
ඔහු නිලාන්දන්ට සිංහලෙන් බණ කියන්නට පටන් ගෙන තිබුනේ ඒ නිසා විය යුතුය.
ඔහුගේ ඒ පොලිස් බණවලට අනුව රජයේ උසස් නිළධාරින් විවේචනය නොකළ යුතුය.එබැවින් අදාල මාධ්‍යවේදියා ඒ උසස් රජයේ නිළධාරියා ලගට ගොස් මෙය සමතයතට පත් කරගත යුතුය.,ඔහු තවදුරටත් නිලාන්දටත් සිංහලෙන් මෙසේද කියා තිබුණි.
දැන් බලන්න අපේ ඕඅයිසි මහත්තා අපේ පොලිසියේ කාව හරි මාරුකරනවා ඉතින් ඒ ගැන ඔයාට ලියන්න බෑනේ .ඒව කොහොමද පළකරන්නේ .
පැමිණිල්ල සිංහලෙන් විභාග කරන අන්දම ගැන අසා සිටි විට ඔහුගේ නොදන්නා කම ගෙඩිපිටින් එළියට පනිමින් තිබුණි.
මෙහිදි අප විසින් මතුකළ යුතු කරුණු කිපයක් වේ.
1.රටට මේසා විනාශයක් කළ යුද්ධයක් නිමාවි වසර 6 ක් ගොස් තිබුනද දමිල ජනයා බහුතරයක් වෙසෙන මඩකලපුව වැනි ප්‍රදේශයක පොලිසියකට පොලිස් පණිවිඩයක් දමිල භාෂාවෙන් යවා ගන්නට වැඩපිළිවෙලක් නැත
එපමණක් නොව ඒ පැමිනිල්ල විභාගයට පැමිණි පසු එය සිදුකරන්නට දමිල නිළධාරියෙකු නැත.
උසස් නිළධාරිනියකට මේ මාධ්‍යකරු විසින් අපහසයක් අවමානයක් කර ඇතියි කියමින් අදාල මාධ්‍යවේදියාට නොතේරෙන සිංහල භාෂාවෙන් බණ දෙසන්නට යෑම සමස්ත දමිල ජනයාට කරන අපහසයක් බව මේ නිළධාරියා නොදන්නේද ?ඒ ජාතියකට කරනු ලබන අවමානයක් බව තේරුම්ගන්නට තරම් බුද්ධියක් ඔහුට නැත්තේද ? ලිපිය ලිවිම දිසාපතිතුමියට අවමානයක් යැයි හොදින් තේරෙන මේ පොලිස් නිළධාරියාට තමන් කරමින් සිටින්නේ ජාතියකටම අවමානයක් යැයි  නොතේරුණිද ?

මාධ්‍යවේදියෙකුගේ ලිපික් ගැන පැමිණිල්ලක් විභාග කරන්න පොලිසිවට බෑයි කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා
මාධ්‍යවේදියෙකුගේ ලිපික් ගැන පැමිණිල්ලක් විභාග කරන්න පොලිසිවට බෑයි කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා

2.පොලිස් මාධ්‍ය ප්‍රකාශක යනු රටේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රශ්ණවලට මැදිහත්විම සදහා පොලිසිය විසින් පත්කර ඇති උස්සම නිළධාරියාය.
ඔහු විසින් ජනමාධ්‍ය ඇමති ගයන්න කරුණාතිලක මහතා හමුවේ සිදුකරන්නට යෙදුන ප්‍රකාශයක් ගැන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් මඩකලපුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඉතා පැහැදිලි ලෙසින් කරුණු ඉදිරිපත් කළෙමු.
එවන් පැමිනිල්ලක් පුවත්පත් පැමිණිලි කොමිසමට හෝ පුවත්පත් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කොට තිබියදි එය මාධ්‍ය ඔස්සේද පළව තිබියදි අප ඒ ගැන ස්ථානාධිපතිවරයාට කරුනු කියා සිටියද ඒ ගැන කිසිදු අවධානයක් ඔහු විසින් යොමුකර ඇතැයි අපට  නොපෙනේ .
3.මාධ්‍යක පළවන ලිපියක් සම්බන්ධයෙන් කළ යුත්තේ පැහැදිලි කිරිමක් යවා එය පළකරන ලෙස ඉල්ලිම සාමාන්‍ය සම්ප්‍රදායයි. එසේ නොවන්නේ නම් පුවත්පත් පැමිනිලි කොමිසටම පැමිනිලි කළ යුතුය.
මේ පිළිබදව මඩකලපුව දිසාපතිවරිය නොදන්නවා යැයි අප නොසිතමු
එහෙත් අප ඇයටද මේගැන පැහැදිලි ලෙස කියා සිටියෙමු.
එහෙත් කිසිවෙකුත් පවතින සම්ප්‍රදාය ගැන කිසිදු වගක් නැතිව  දමිල අයෙකුගෙන් සිංහල චණ්ඩියෙකු සේ පැමිනිල්ලක් විභාග කරන්නට යෑම නිසා දැන් මේ මඩකලපුව පොලිසිය විසින් සිදුකර ඇත්තේ ජාතියකටම අවමානයකි.අපහසයකි.
මේ රටේ කල්පවතින සාමයක් ඇතිකරන්නට මේ රජයට ඇත්ත උවමනාවක් තිබේ නම් මේ සිදුවිමේ බරපතල කම කියවා ගැනිමම ප්‍රමාණවත්ය.Screenshot from 2016-04-19 01:26:22
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ප්‍රජාතන්ත්‍රවාදය සහ කල්පවතින සාමයක් ගැන සිහින දකින සැමගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන පුළුල් සංවාදයක් මතුකර ගැනිමට මැදිහත් වන ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article