මාතර පාලටුවේ දී ඔරුවක් පෙරලීමෙන් මවක් ඇගේ 14 හැවිරිදි පුත්‍රයා හා තවත් පුද්ගලයෙකු වතුරට වැටී අතුරුදන් වී ඇත.
නාවික හමුදාව හා යුධ හමුදාව එක්ව සිදු කල සෝදිසි මෙහෙයුමක දී පැයකට පසු ගොඩට ගත් ඔවුන්ගේ සිරුරු අකුරැස්ස රජයේ රෝහල වෙත යවන ලද බව බුද්ධික ජයසේකර පැවසීය. මෙම පිරිස මේ අනතුරට ලක්වී ඇත්තේ අවමංගල්‍යයකට සහභාගී වීමට යමින් සිටි අවස්ථාවේදීයි.