Thursday, May 16, 2024

ගංවතුරෙන් විනාශ වූ පළාත් වලට නැවතත් වැසි ඇතිවීමේ අවධානමක්..

Must read

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නැවතත් වර්ෂාව ඇති වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.බස්නාහිර,සබරගමුව,දකුණ,මධ්‍යම හා වයඹ යන පලාත් වලට මෙසේ වර්ෂාව ඇති විය හැකි යැයි පවසන එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ 100 mm ට වඩා වැඩි වර්ෂාපතනයක් කොළඹ,කළුතර,ගම්පහ,රත්නපුර,කුරුණෑගල, හා කෑගල්ල යන දිස්ත්‍රික්කයන්ට ඇති විය හැකි බවයි.

rain21

එලෙසම පසුගිය දිනවල ඇතිවූ වර්ෂාවෙන් බලපෑම් ඇති නොවූ නැගෙනහිර,ඌව,උතුරු මැද යන පළාත්වලටත් වව්නියාව දිස්ත්‍රික්කයටත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
සුළගේ වේගය පැයට කිලෝමීටර 50ක් පමණ වනු ඇති බවටත් ඒ දෙපාර්තමේන්තුව පවසනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article