Wednesday, May 15, 2024

නායයෑම් වලට හේතුව ශ්‍රී ලංකාව උත්තර ධ්‍රැවයට ඇදීයාමයි ??

Must read

image_1496283331-89667081e5

පසුගිය දින කිහිපය තුල සිදුවූ නායයෑම් වලට හේතුව ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් උත්තරධ්‍රැවය වෙත ගමන්කිරීම විය හැකි බව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාඅංශයේ මහාචාර්ය ප්‍රකට කපිල දහනායක මහතා පවසනවා. සෑම වසරකදීම ශ්‍රී ලංකාව උත්තරධ්‍රවාය වෙත 8cm ප්‍රමාණයක් ගමන් කරන බවත් ඒ ගමන් කිරීම මේ දිනවල සිදුවූ නායයෑම් වලට හේතුවිය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

මින් වසර මිලියන ගණනකය පෙර ආරම්භවූවායැයි සැලකෙන ශ්‍රී ලංකාව උත්තර ධ්‍රැවය වෙත ගමන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව මතුපිට වැලි ,ගල් හා මැටි වැනි දේවල් වලින් සමන්විත ග්ලිසියර ස්ථර තැන්පත්වීම සිදුවන බව ඒ මහතා පවසනවා. මෙසේ නිර්මාණය වූ ග්ලැසිරය පසුගිය දිනවලඇතිවූ වැස්සේන් සේදී යාමෙන් නායයෑම් ඇතිවූ බවයි සිදුවීම පැහැදිලි කරමින් ඒ මහතා වැඩිදරටත් පවසන්නේ.

පසුගිය දිනයෙදී මොරවක ඇතුළු අනෙකුත් ප්‍රදේශවල සිදුවූ නායයෑම් සිදුවීම් වලදී විශාල ගල් කදුවලින් පහතට පැමිණ නොතිබුන බවත් ප්‍රධාන වශයෙන් වැලි හා මැටි ජලයත් සමග පහතට පැමිණ තිබූ බවත්,ඒ සිදුවීම වලින් තමන්ගේ තර්කය පැහැකිලි වන බවත් ඒ මහතා පවසනවා. නමුත් කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු තමන්ගේ මතයන් පිලිගැනීමට සූදානමක් නොමැති බව පවසමින් ඒ මහතා තවදුරටත් සදහන් කරන්නේ ඉදිරියේදී මෙවැනි විපත් සිදුවීම වලක්වා ගැනීමට ඒ අනුව හැකියාව ඇත්දැයි සැක සහිත බවයි. එලෙසම මේ වන විටත් මෙවැනි විපත් වළක්වාගැනීමට ක්‍රියාත්මක වීමට ප්‍රමාද බවද ඒ මහතා පවසනවා.

The scene after a massive landslide in  Kegalle District, about 72 kilometers (45 miles) north of Colombo, Sri Lanka, Wednesday, May 18, 2016. Massive landslides triggered by torrential rains crashed down onto three villages in the central hills of Sri Lanka, and more than 200 families were missing Wednesday and feared buried under the mud and debris, the Sri Lankan Red Cross said. (AP Photo/Eranga Jayawardena)

black_sl_landslide

 

http://www.dailymirror.lk ඇසුරිණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article