Sunday, May 19, 2024

මහින්ද රාජපක්ෂට විපක්ෂ නායක විය හැකිද? (ඡායා)

Must read

හිටපු ජනාධිපති ,හිටපු කුමන්තුණ අගමැති හා මේ වන විට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී බවට පත්විය යුතු බවට පාර්ලිමෙන්තුවේ විවාදයට ලක්වෙමින් පවතින මහින්ද රාජපක්ෂ මහතා පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්නවය ලබා නොගත් බව ඊයේ දිනයෙදී නීතීඥ උදය ගම්මන්පිල මහතා සදහන් කර සිටියේය.

නමුත් කැඩෙන බිදෙනසුළු තර්ක ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇති ගම්මනපිල මන්ත්‍රීවරයාගේ එකී තර්කයද මේ වන විට කැඩී ගොස් ඇති බවට වන සක්ෂි මේ හරහා අපි ඉදිරිපත් කර සිටින්නෙමු.

මෙම ඡායාරූප සාක්ෂි වලට අනුව මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ, නිමල් ලංසා,සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මන්ත්‍රීවරුන් 31ක පමණ පිරිසක් මේ වන විට හිටපු මන්ත්‍රීවරුන් බවට පත්විය යුතුය.

විශේෂයෙන් අද දිනයේදී(18) මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායකධූරයට පත්වීම සම්බන්දයෙන් පාර්ලිමෙන්තුව තුල ප්‍රධාන තර්ක දෙකක් ඉදිරිපත් විය.
ඉන් පළමු තර්කය ඉදිරිපත් කලේ TNA පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාය. එහිදී ඒ මහතා විමසා සිටියේ ජනාධිපතිතුමන් කැබිනට් සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ පුද්ගලයෙකු විපක්ෂනායක ලෙස පත්කල නොහැකි බවයි.

දෙවන තර්කය ඉදිරිපත් කල සභානායක ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීතුමා සදහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පොදුජන එක්සත් පෙරමුණේ සාමාජික්තවය ලබාගැනීම හේතුවෙන්,එසේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රිලනිපය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ කිසිදු පුද්ගලයෙකුගේ මන්ත්‍රීධූර වලංගු නොවන බවත් එවැනි පුද්ගලයෙකුට විපක්ෂනායකවරයා විය නොහැකි බවත්ය.
පහත සදහන් වන්නේ ව්‍යව්සථාමේ මේ සම්බන්දයෙන් සදහන් වන ආකාරය හා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අවස්ථාවල ඡායාරූප කිහිපයකි.

ව්‍යවස්ථාවව්‍යවස්ථාව2

මහින්ද1

නාමල්1

නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයෙකි.
නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ආරම්භක සාමාජිකයෙකි.

 

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
නිමල් ලංසා මහතා
නිමල් ලංසා මහතා

මහින්ද2

මහින්ද6

මහින්ද7

මහින්ද10

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article