Monday, September 14, 2026
spot_img

මහවිරු සතිය නිමිත්තෙන් විරුවන්ගේ දෙමාපියන්ට උපහාර

Must read

යුද්ධයේදී දිවි පිදූ විරුවන්ගේ දෙමාපියන්ට උපහාර පිදීමේ උත්සවයක්  23 වනදා  පෙරවරු 10.30 ට මන්නාරම නාගරික සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.

පුනරුත්ථාපනය වූ හිටපු සටන්කාමීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද මන්නාරම දිස්ත්‍රික්කයේ විරුවන්ගේ දෙමාපියන්ට උපහාර දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර පැවැත්විණි.

එම අවස්ථාවේදී විරුවන්ගේ මවුපියන් විසින් මහජන ගිනිසිළුවක් දල්වා, විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම සහ මියගිය විරුවන් සිහිකර සෑම දෙමව්පියෙකුටම ත්‍යෘග ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

මීට සමගාමීව මෙම අවස්ථාවට සහභාගි වූ විරුවන්ගේ දෙමාපියන් වෙත වියළි ආහාර පැකට් බෙදාදීම ද සංවිධායක කමිටුව විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සියයකට අධික විරුවන්ගේ දෙමාපියන්, ප්‍රවීණයන්, පූජකවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

ඒස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article