Sunday, May 19, 2024

මහනුවර පස් කන්දක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙක් රෝහල් ගත කෙරේ.

Must read

 නිවසක් ඉදිරිපිට තාප්පයක් ඉදි කරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට එම තාප්පය සමඟ පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම තාප්පයට හා පස් කන්දට යටවූ කම්කරුවන් දෙදෙනකු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ සිදුවීම සිදුව ඇත්තේ මහනුවර දොඩම්වල අනිවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටියදී වන අතර ඊයේ (19) පෙරවරු 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

පෙර දින පැවැති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කොන්ක්‍රීට් බැම්මට ඉහළින්වූ පස් කන්ද බුරුල් වී එක් වරම පහළට කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනා ඊට යටවූ බවත් එක් අයෙකු ඒ මොහොතේම බේර ගත්තත් පස් යට සිරවී සිට අනෙක් පුද්ගලයා පිටතට ගැනීමට විනාඩි 15 ක් පමණ ගතවූ බවත් ප්‍රදේශවාසීහූ පවසති. පස් යට සිරවී සිටි එම පුද්ගලයා මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙන බව පොලීසිය පවසයි. පස් කන්දට යටව රෝහල් ගත කළ පුද්ගලයින් දෙදෙනා කොස්හින්න ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

පුද්ගලයන් යටවී සිටි පස් කන්ද
පුද්ගලයන් යටවී සිටි පස් කන්ද

ඡායාරූප – අසේල කුරුවංශ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article