Sunday, May 19, 2024

නොරොච්චෝල බලාගාරයේ විදුලි නිපැයුම අද සිට

Must read

ca40cd383d8ca3dd99a796da683cf40b_L
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සති දෙකක් තිස්සේ අක්‍රීය කොට තිබූ විදුලි ජනක යන්ත්‍ර දෙකින් එකක් අද (20) රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
මේ නිසා මෙගාවොට් 300ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප පුවත් වෙබ් අඩවියට පැවසීය.
නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සඳහා එහි විදුලි ජනක යන්ත්‍ර දෙකක් නොවැම්බර් මුල් සතියේ සිට නිෂ්පාදන නතර කොට තිබුණි. ඉන් එක යන්ත්‍රයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන අතර අනික් යන්ත්‍රය ඉදිරි දින කිහිපය තුළ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කීය. එම යන්ත්‍රයෙන් ද මෙගාවොට් 300ක විදුලියක් නිපදවේ.
නොරොච්චෝලේ බලාගාරයේ මෙම යන්ත්‍ර නතර කිරීම නිසා අහිමිවීගිය මෙගාවොට් 600ක විදුලි ප්‍රමාණයක් ජලවිදුලි බලාගාර හා ඩීසල් බලාගාර මගින් නිපදවාගත් බවද ජයවර්ධන මහතා පැවසීය.
https://sinhala.news.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article