Friday, May 3, 2024

මරුතන්කෙන්රිහිදී දමිළ මාධ්‍යවේදීන් තිදෙනෙකුට හමුදාවෙන් බලපෑම්..

Must read

පසුගිය 21 වනදා මරුතන්කෙන්රි ප්‍රදේශයේ අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයන් පැවැත්වූ උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය දමිල මාධ්‍යවේදීන් තුන්දෙනෙකුට හමුදා නිලධාරීන් විසින් හිරිහැරකිරීමේ හා බියවැද්දීමේ පුවතක් වාර්ථා වී තිබෙනවා. මෙම උද්ඝෝෂණය ඡායාරූප ගනිමින් සිටි මෙම මාධ්‍යවේදීන් තිදෙනාට එම ස්ථානයෙන් පිටවන ලෙස බලපෑම් කර ඇති හමුදා නිලධාරීන් ,එම මාධ්‍යවේදීන් තිදෙනා තමන්ගේ නිවෙස් වෙත යනතෙක්ම ලුහුබදිමින් ඔවුන්ව බියවද්දා ඇති බවයි වාර්ථා වන්නේ.

යාපනය හා චාවකච්චේරි ප්‍රදේශයන් පැමිණ තමන් මෙම උද්ඝෝෂණය ආවරණය කිරීමට යන අතරතුරදී හමුදානිලධාරීන් පිරිසක් තමන්ගේ ඡායාරූප ගත්බව තමන් දුටු අතර එය සාමාන්‍ය සිදුවීමක්යැයි සිතූ බවත්, එය අමතක කර තමන් ආ කාර්‍ය නිමා කොට නැවතත් යන්නට සූදානම් වූ අවස්ථාවේදී උද්ඝෝෂණය පැවැති ස්ථානයට ආසන්න ස්ථානයක ඉදිකිරීමේ කටයුතු වල නිරත වන සෙබළුන් පිරිසක්  සිටි අතර තමන් ඔවුන්වද ඡායාරූපගත කල බවත්,පසුව තමන් නැවතත් යාපනය බලා යාමට පිටත්වී යන අවස්ථාවේදී හමුදානිලධාරීන් දෙදෙනෙකු තමන් ලුහුබදිමින් පැමිණ තමන්ට නවතින ලෙස කෑගසූ බව එම සිදුවීම විස්තර කරමින් එක් මාධ්‍යවේදියෙකු පවසා තිබෙනවා. එම ප්‍රදේශය පාළු බැවින් ඒ ස්ථානයේ තමන් නොනැවතුන බවත් හමුදා නිලධාරීන් කිලෝමීටර 7ක පමණ තමන්ව ලුහුබැද පැමිණි බවත් පවසන මාධ්‍යවේදියා තවදුරටත් පවසා ඇත්තේ එසේ පැමිණි නිලධාරීන් තමන් කවුදැයි විමසූ අවස්ථාවේදී තමන් ඇතුළු පිරිස් මාධ්‍යවේදීන් බව ඔවුන් පැවසූ බවයි.පසුව  පැමිණි හේතුව විමසා එසේ පැමිණීමට හමුදාවේ අවසර ගතයුතු බවත් හමුදා නිලධාරීන් පවසා තිබෙනවා. පසුව යාපනය දක්වා යන ගමනේදී වෙනත් කිසිදු ස්ථානයක නොනැවතී යන ලෙසත් තමන්ට පැවසූ නිලධාරීන්ගෙන් එක් අයෙක් තමන්ට පහරදීමට උත්සහකල නිසා හමුදා නිලධාරීන්ගේන සමාව ගෙන එම ස්ථානයෙන් පිටත්වූ බවයි මෙම සිදුවීමට මුහුණදුන් මාධ්‍යවේදයෙක් ටැමිල්ගාඩියන් වෙත ප්‍රකාශකර ඇත්තේ.

3.Journalist-killed

 

tamilguardian.com ඇසුරිනි

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article