Monday, May 20, 2024

මන්නාරම සුපර් කිංග්ස් පිලට උතුරු පළාත් ක්‍රිකට් ශූරතාවය

Must read

 

උතුරු පළාතේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන වසර 40ක් පැරණි ලීග් ක්‍රමයේ හාඩ්බෝල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය හිමිකර ගැනීමට මන්නාරම ඒඒ සුපර් කිංග්ස් පිල සමත්වූයේ කිසිදු තරගයක් හෝ පරාජයට පත් නොවෙමිනි.

 

අවසන් මහා තරගය ඉරිදා (5/11/2023) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර මන්නාරම ඒඒ සුපර් කිංග්ස් සහ කිලිනොච්චි බුල්ස් කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර වටය ලීග් ක්‍රමයට පැවැත්විණි.

කිලිනොච්චි බුල්ස් පිලේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ කිලිනොච්චි බුල්ස් ඕවර විස්සේදී කඩුලු 7ක් දැවී ලකුණු 131ක් රැස්කළ මන්නාරම ඒඒ සුපර් කිංග්ස් පිල පිළිතුරු ලෙස ඕවර 17.2කදී කඩුලු 3ක් පමණක් දැවී තරගාවලියේ ත්‍යාග මුදල හිමිකර ගත්තේය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 58ක් රැස්කළ නීතීඥ ඉලංගුමරන් තරගයේ වීරයා ලෙස තේරී පත් විය.

එම වටයේ වැඩිම කඩුලු දවාගත් මන්නාරමේ බර්නාන්දු අරුල් හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් අතර එම වටයේ වැඩිම ලකුණු රැස්කළ සත්තතරණි මනිවන්නන් හොඳම පිතිකරුවාට හිමි සම්මානය දිනාගැනීම විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article