Friday, May 17, 2024

මන්නාරමෙන් හා වව්නියාවෙන් නව මැලේරියා මදුරු විශේෂයක්..

Must read

‘Anopheles Stephensi’ නමින් හැදින්වෙන මැලේරියා වාහක මදුරු විශේෂයක් මන්නාරම හා වව්නියාව ප්‍රදේශයේ පැතිරෙමින් පවතින බවට උතුරු පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් හදුනාගෙන තිබෙනවා. මෙම මදුරු විශේෂය නාගරික ඉන්දීය ප්‍රදේශවල මැලේරියා ව්‍යාප්තිය සදහා වගකිවයුතු මදුරු විශේෂය බවයි මෙම සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මැලේරියා ව්‍යාප්තිය සදහා බලපාන මෙම මදුරු විශේෂයෙන් මුලින්ම වාර්ථා වී ඇත්තේ ඉන්දියාවෙන් බවත් මේ සිදුවීම වන තෙක් එම මදුරු විශේෂය ශ්‍රී ලංකාවෙන් වාර්ථා නොවූ බවත් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ නිලධාරීන් පවසන්නේ.

එලෙසම එම නිලධාරීන්ට අනුව ඩෙංගු මදුරුවන් සේම මෙම මදුරු විශේෂය පාලනය කිරීම අසීරුවනු ඇති බවයි වාර්ථා වන්නේ. කෙසේ වෙතත් පරීක්ෂණයන් අවසන් වනතුරු අනවශ්‍ය බියක් ඇතිකරනොගන්නා ලෙසත් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ නිලධාරීන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දක්වා මෙම මදුරුවන් හේතුවෙන් රෝගී වූ පුද්ගලයෙකු වාර්ථා වී නැති බවයි එම නිලධාරීන් පවසන්නේ.

image_1507214871-d3c91a4f29

image_1507214878-a6dfccb3c1

image_1507214863-4ab89ac9d9

image_1507214884-3ec59d023e

image_1507214575-f33a7ed85c

 

ඡායාරූප – www.dailymirror.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article