Sunday, May 5, 2024

මදුරු මර්දන සතිය හෙට (26) සිට

Must read

 

moskitoss-

වර්ෂාවත් සමඟ ඉහළ යන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් ජාතික මදුරු  මර්දන සතියක් හෙට (26) සිට ඔක්තෝබර් 02 දක්වා   ක්‍රියාත්මක කෙරෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්ය සාධන බලකාය ඒකාබද්ධව මෙය  සංවිධානය කරනු ලැබේ.

“ඩෙංගු වලින් තොර රටක්” යන තේමාව යටතේ  දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 175ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, සාමාජිකයන් 6000 කගේ දායකත්වය  ලබාගැනීමට නියමිතය.

මෙහිදී පාසල් හා ඉදිකිරීම් පරිශ්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු  කරන අතර  සැප්තැම්බර් 28 වන සිකුරාදා පාසල් පරීක්ෂාවටද, 29 වන සෙනසුරාදා ඉදිකිරීම්  පරිශ්‍ර  පරික්ෂාවට ද   වෙන් කර ඇත.
newsslbc.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article