Thursday, May 9, 2024

මඩකලපුවේ විරු සමරුවට පොලීසියෙන් බාධා – හතරදෙනෙකු අත්අඩංගුවට

Must read


මඩකලපුව දිස්ත්‍රික්කයේ  ග්‍රාන් හි දී  විරු සමරු ක්‍රියාකාරි කමිටුවේ සාමාජික නිදර්සන් ඇතුළු 4 දෙනෙකු ඊයේ (27) සවස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා වාලච්චේන පොලිස් ස්ථානයේ රඳවා ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්තාවේදී විරු සමරු භුමියේ උපහාර වැඩසටහන සිදුවෙමින් පැවති අතර එම අවස්ථාවේදී ඥාතීන් විසින් මහවිරු සමරුව සඳහා ගිනි සිළුව දැල්වීමට  සූදානමින් සිට ඇත.
පොලිසිය  එහි සරසා තිබූ කොඩි ඉවත් කරන ලදී.එම අවස්ථාවේදී එම ස්ථානයට සහභාගී වී සිටි මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියාන් රාසමානික්කම් සහ පා.මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් පොලීසියට සිය විරෝධය දක්වන ලදී.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article