Wednesday, May 15, 2024

බොරුකරන්නේ අගමැති සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානි තුෂාරද? මහරගම පොලිසියේ නිළධාරින්ද ?

Must read

89f2cc90198a059a346865727aeb80c4_Lලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදිනගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂ්‍යන්තට අගමැති සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානි තුෂාර ඩි වන්නිආරච්චි විසින් දුරකථනයෙන් අමතා කිසියම් තර්ජනය කර තිබිම ගැන මහරගම පොලිසියට පැමිණිලි කර තිබුනේ පසුගිය ඉරිදාය.
මේ පැමිණිල්ලට දැන් දින 5 ක්ද ගෙවි ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් විමුුක්ති  මහරගම පොලිසියෙන් කළ විමසිමකදි කියා තිබුනේ තුෂාරගේ කාර්යාලයේ සිටි අය විසින් ඔහු විදෙස් ගතව ඇතැයි දන්වා ඇති බවය.
පැමිණිල්ලක් කල පසු අදාල පුද්ගලයාව සොයා ගොස් පැමිණිල්ල විභාග කිරිමට ගෙන්විම සමාන්‍ය විදිය වුවත් ඒ ක්‍රියාවලිය මෙහිදි සිදුව ඇති බවක් නොපෙනේ .
මේ සම්බන්ධයෙන් අප වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය ලෙසින්  පසුගිය දිනක මහරගම පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට අමතා විමසා සිටි අවස්ථාවේදි ඔහු කිවේමේ ගැන සොයා බලන බවය.
එහිදි අප තවදුරටත් ඔහුගෙන් විමසා සිටියේ ටෙම්පල් ට්‍රිස් වලින් ඇමතුමක් ලැබුන නිසා මේ පැමිණිලි විභාගය පමා කරන්නේද යනුවෙනි.
එය එසේ නොවන බවත් කඩිනමින් පැමිණිලි විභාගය කරන බවත් අප වෙත දැනුම් දුනි.
එහෙත් මේ පොරොන්දුව ලබා දි තිබුනේ පැමිණිලි කොට පැය 72 ක් ගිය තැනදිය.
දැන් පැය 120 ක්ද ගෙවි ගොස් හමාරය.
කෙසේ වෙතත් මෙය අගමැතිවරයාගේ මාධ්‍ය නිදහස මෙන්ම පොලිසියේ යහපාලන භාවිතාව ගැනද ලිට්මස් පරික්ෂණයක්ම වන බව දැන් පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article