Wednesday, May 15, 2024

ගංවතුර දැම්මට විදුලිබලය නිපදවීමට වතුර මදිලු.

Must read

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් ලැබුණත් සැලකිය යුතු මට්ටමින් ජලවිදුලි බලාගාර වල ජාලාශයන්ගේ ජල මට්ටම ඉහල යාමට ඒ වර්ෂාව ප්‍රමාණවත් වී නැති බව විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක(සංවර්ධන) සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් නොලබුණ නිසා එම ජලාශයන් වල ජල මට්ටම ඉහල ගොස් ඇත්තේ 15%කින් පමණක් බවත් ඒ මහතා පෙනවා දෙනවා.
කාසල්රි,මාවුස්සාකැලේ,සමනලවැව,වික්ටෝරියා,රන්දෙනිගල හා කොත්මලේ යන ජලාශයන්ගේ ජල මට්ටම 27.3  සිට 42.4 දක්වා පමණක් ඉහල ගොස් ඇති බවත් ලක්ෂපාන,කැනියොන්,නෝර්ටන් ,කුකුලේ ගගා හා ඉහල කොත්මලේ යන ජලාශයන්ට තරමක වැඩි වර්ෂාපතනයක් ලැබූනත් එම ජලාශයන් ජලය රදාවාගැනීමක් සිදුනොවන නිසා ඒ තුලින් වැඩි බලපෑමක් ජාතික විදුලි උත්පාදනයට සිදු නොවන බවයි.
23
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article