Tuesday, May 14, 2024

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර

Must read

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු  විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද  (13) අවසර ලබාදුන්නේය.

රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඒ සඳහා අවසර ලබා දී ඇත.

අධිකරණ සංවිධාන පනතේ 124 අ (4) අ වගන්තිය යටතේ නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවු මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමල එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන්  ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.

 

(lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article