Monday, September 14, 2026
spot_img

බංගලාදේශයේ හිටපු අගමැතිනියට මිනී මැරුම් චෝදනා යටතේ විමර්ශනයක්

Must read

සිවිල් නොසන්සුන්තාවක් අතරතුරදී පොලිසිය විසින් පුද්ගලයෙකු ඝාතනය කරනු ලැබීම සම්බන්ධයෙන් බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පිළිබඳව මිනී මැරුම් චෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඩකා අගනුවර සති ගණනාවක් පුරා පැවති මෙම මාරාන්තික නොසන්සුන්තාවයෙන් පසුව, පෙර රජයේ තවත් ඉහළ පෙළේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහිව ද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට කෙරුණු ඉල්ලීම් ඉහළ යාමත් සමග මෙම මස මුලදී හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පළා ගියා ය.

ඇයට එරෙහිව නඩුව පවරා පැය කිහිපයකට පසු ඇය තම ඉල්ලා අස්වීමට හේතු වූ විරෝධතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියා ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article