Saturday, May 18, 2024

පොහොට්ටුවේ මන්ත්‍රි වෙස් ගත් මදාවියෝ අදත් පාර්ලිමේන්තුවේ යකා නටති ! මන්ත්‍රිවරුන්ට මිරිස් කුඩු ගසති !

Must read

ජයවික්‍රම 2මහින්ද රාජපක්ෂ සහ ජනපති සිරිසේනගේ මන්ත්‍රි වෙස්ගත් මදාවියන් රැළ අද දිනයේත් මේ රටේ උත්තරිතර පාර්ලිමේන්තුවේ යකා නටති. අද දිනයේ කැපි පෙනන මදාවි කම් කළ මන්ත්‍රින්වරුන් පැටිකිරිය ගෙන බලන කළ මේ අය ගැලපෙන්නේ පතාලයට සහ කසිප්පු කර්මාන්තයට මිස රටක් පාලනයට නම් නොවන බව යළිත් වරක් උරගා බලන්නට ඉඩක් නොතබාම උපරිමයෙන් සිය මදාවිකම් දැන් ප්‍රදර්ශණය කර හමාරය.
මේ ගැන අදහස් දැක්වු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ තමන්ගේ තොලද පැලෙන ලෙස මේ මදාවියෝ පහර දි තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවය.
එමෙන්ම මිරිස් කුඩු මිශ්‍ර දියරයකින් පහර දි තිබුණ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ මහත් පිළිකුලෙනි.
මේ අතර එජාපයේ ජේෂ්ඨයෙකු  ජයක්‍රමවික්‍රම පෙරේරා කියා සිටියේ තමාටද මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවු බවය.
එමෙන්ම පොලිසියට මිරිස් කුඩු අහුරකින් දමා ගසන බව  මාධ්‍ය විසින් අපුරුවට රටට ලෝකයාට පෙන්වා දුණි.
අද පෙරවරුවේ ඩලස් අලහප්පෙරුම කියන්නට යෙදුන මන්ත්‍රි වෙස්ගත් මැරයෝ සිටින්නේ කොයි පැත්තේදැයි දැන් රටත් ලෝකයාත් ඉතා හොදින් දනි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article