Saturday, May 18, 2024

පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිමට එරෙහිව අදත් විරෝධතා

Must read


පැල්වත්ත ලංකා සිනි සමාගමේ සභාපතිවරයා ඉවත්කිරිමට විරෝධය පලකරමින් එම සිනි සමාගමේ සියලු සේවකයින් විරෝධතා ව්‍යපාරයක් අද(05) දා සිනි සමාගම් පරිශ්‍රයට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අබියසදි පැවැත්වුහ.

මේ අවස්ථාවට සිනි සමාගමේ විවිධ වෘත්තිය සමිති රැසක් නියෝජනය කරමින් පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර ජනාවාස හා පිටස්තර ගොවින් පිරිසක්ද එම විරෝධතාවයට එක්ව සිටියහ.

මෙම විරෝධතා රැලිය අමතමින් වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු ද අදහස් දැක්වුහ.
සභාපතිවරයා යලි සේවයේ පිහිටුවිම නොකල හොත් ලබන අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බව පැවසු ඔවුහු මේ සම්බන්යෙන් කඩිනමින් ජනාධිපතිවරයා ඇතුලු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කල යුතු බව කියා සිටියහ.

ප්‍රධාන ගේට්ටුව පුරා පෝස්ටර් අලවා තිබු අතර කලු කොඩි ද එල්ලා තිබුනි .පුරා පැයදෙකකට අධීක කාලයක් මෙම විරෝධතාවය පැවති අතර ඇතැම් පිරිස් ටයර් පුලුස්සා දමා තිබුනහ.

මේ අවස්ථාවට වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශිය සභාවල සභාපතිවරු සභා මන්ත්‍රිවරුන් ද පිරිසක් එක්ව සිටියහ.
විවිධ සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වු අතර අනතුරුව පිරිස විසිර ගියහ.

වැල්ලවාය ඉන්දික රොෂාන් ගරුසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article