Thursday, May 9, 2024

පාසල් සිසුන්ගේ පිපාසය නිවීමට මුලතිව් ප්‍රදේශයේ ස්ථාන 15කට පානීය ජල පහසුකම්

Must read

 

සිසුන්ගේ සුබසාධනය සඳහා මුලතිවි ප්‍රදේශයේ ස්ථාන 15කට පානීය ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන පසුගිය 06 වනදා අවසන් කරන ලදි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල්, පෙර පාසල්, ළමා නිවාස ඇතුළු ස්ථාන 15කට පිරිසුදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය 06 වනදා අවසන් කර භාර දී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හරහා පාසල්, පෙරපාසල්, ළමා නිවාස ඇතුළු ස්ථාන 15කට පානීය ජලය ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

මෙම අස්ථාවට මුලතිව් මහා විද්‍යාලයීය විදුහල්පති  ජෙබේනේසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ගරු සතීස්කුමාර්, වේලායුදම් සර්වේස්වරන්, ලන්ඩනයේ පදිංචි මාර්ක් පෙනි මහතා සහ (ඩොනා පෙනි මහත්මිය) සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඩොන පෙනී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුලතිව් දිස්ත්‍රික් ඉංජිනේරු ඩොනා පෙනි මහත්මිය සහභාගි වූහ. ඉංජිනේරු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවක සේවිකාවන් සහභාගී වී පානීය ජල යෝජනා ක්‍රමය සිසු අයිතියට පත් කරන ලදී.

කලනිධි වේලායුදම් සර්වේස්වරන්ගේ අනුග්‍රහය යටතේ ලන්ඩනයේ වෙසෙන Solihull පාසලේ (Solihull School) ගුරුවරුන් වන Mark Penney (Mr. Mark Penney) සහ Donna Penney (Donna Penney) ගේ Team Solihull UK සංවිධානය හරහා එකතු කරන ලද අරමුදල් ලෙස , විවිධ සමාජ සුබසාධන පුණ්‍ය කටයුතු සිදු කරන ඔවුන් ඇස්තමේන්තුවේ සඳහන් ස්ථාන 15 සඳහාම පානීය ජල පහසුකම් ස්ථාපිත කර ඊයේ (06) අදාළ පුද්ගලයින් වෙත භාරදෙන ලදී.

ෂන්මුගම් තවසිලන් 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article