Monday, May 20, 2024

පාලන මිලට වඩා බිත්තර සහ කීරි සම්බා අලෙවි කළ තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් දඩ

Must read


මන්නාරම ප්‍රදේශයේ පාලන මිලට වඩා බිත්තර සහ සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුවකදී මන්නාරම අධිකරණය රුපියල් ලක්ෂය බැගින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

මන්නාරම  ප්‍රදේශයේ පාලන මිලට වඩා වැඩි මිලට නිෂ්පාදන අලෙවි කරන බවට මන්නාරම පාරිභෝගික සංවර්ධන අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අදාළව බ්‍රහස්පතින්දා (15) සිදුකළ වැටලීමකදී වෙළඳසැල් හිමියන් තිදෙනාට එරෙහිව නඩු පවරා ඇත. ව්‍යාපාරිකයින් තිදෙනා වරද පිළිගැනීමෙන් පසු මන්නාරම අධිකරණයේ ඊයේ (16) නඩුව විභාගයට ගත් අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය එම ව්‍යාපාරිකයින් තිදෙනාට ලක්ෂය බැගින් දඩ නියම කළේය.

මෙම තත්ත්වය තුළ බිත්තර රුපියල් 44ට වැඩි මිලකට සහ කීරි සම්බා සහල් රුපියල් 260ට වැඩි මිලකට අලෙවි කරන්නේ නම් මන්නාරම පාරිභෝගික අධිකාරියට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටියි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article