Saturday, May 18, 2024

පාර්ලිමේන්තුව කැඳවන්න තව බිලි කීයක් ඕනද ? – සමන් රත්නප්‍රිය

Must read

saman 1

“මාධ්‍ය තොරතුරු අනුව කොළොන්නාවේ වෙඩි තැබීමක් හරහා මරණයක් වාර්තා වෙනවා. ලේ හලන්න පටන් අරන් තියෙනවා. එතකොට සිරිසේන මහත්තයාගේ යහපාලනය මේකද? තව මරණ කීයක් ඕනෙද පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. අඩුම ගානේ ඒකවත් හරියට කියන්න. එහෙම නැත්නම් මේ රට අගාධයට දාන්නේ නැතුව, තැන්තැන්වල මිනිස්සුන්ගේ ගුටි හුවමාරු වලට ඉඩ තියන්නේ නැතුව, රටේ ආර්ථිකය විනාශ කරන්නේ නැතුව, කරුණාකරලා පාර්ලිමේන්තුව කැඳවන්න.”

62 ලක්ෂයේ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දින ( ඔක්. 29 ) රාජගිරියේ දී පැවැත්විනි. එහිදී පුරවැසි බලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වීදියේ විරෝධය, නිදහසේ වේදිකාව සහ තවත් සංවිධාන ගණනාවක් මේ සඳහා සහභාගි විය. මේ සඳහා අචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, අතුරුදහන්වූ මාපිය එකතුවේ බ්‍රිටෝ ප‍්‍රනාන්දු, ජනතා කලාකරු ජයතිලක බණ්ඩාර, රයිට් ටු ලයිෆ් සංවිධානයේ පිලිප් දිසානායක, රයිට්ස් නව් සංවිධානයේ ප‍්‍රබෝධ රත්නායක, වැනි පිරිසක් සහ මෙහි නම් සඳහන් නොකරන ලද විශාල සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි විය.

මෙහිදී සමන් රත්නප්‍රිය විසින් කල අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article