Friday, May 10, 2024

පාර්ලිමේන්තුවේ කලහ කිරීමේ වාර්ථාව පිළිගන්න බැහැ ,ගම්මන්පිල කියයි.

Must read

පසුගිය වසරේ නොවැම්බර් 14 වනදා පර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව එක්සත් ජාතික පක්‍ෂයට ‍පක්‍ෂග්‍රාහී ලෙස සකස් කර ඇති බව පවසමින් විපක්ෂය විසින් එම වාර්ථාව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවට, කථානායකවරයාට හා අදාළ කමිටුවට දැනුම්දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25ද) පාර්ලිමේන්තුව අමතමින් සදහන් කලේය.

එම වාර්තාව මගින් සන්ධානයේ මන්ත්‍රීවරුන් බහුතරයකට සභාගැබමැදට පැමිනීම පිළිබදව චෝදනා එල්ල වී පැවැතියද එදින නලීන් බණ්ඩාර,නවින් දිසානායක, දයා ගමගේ, මංගල සමරවීර, මුජිබර් රහ්මන්, ජේ.සී. අලවතුවල, හේකටර් අප්පුහාමි,හරින් ප්‍රනාන්දු වැනි එ.ජා.ප.මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය වීඩියෝපටවල සටහන්ව තිබුණද එම කමිටු වාර්ථාවේ ඔවුන්ගේ නම් සදහන් නොවන බවද ගම්මමන්පිල මහතා සදහන් කර ඇත.

එලෙසම ඔහු තවදුරටත් සදහන් ඇත්තේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ විශ්වාසභංග යෝජනාව භාරගැනීම හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වීම නිසා කථානායකවරයාද එහි වරදකරුවෙකු බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article