Thursday, May 9, 2024

විසුම්පාය සුපිරි හෝටලයක් බවට පත්වෙයි

Must read

මෙරට රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය වූ පැරණි ඇක්ලන්ඩ් හවුස් නිවස හෙවත් විසුම්පාය කුඩා පරිමාණයේ සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කර ති බව වාර්තා වෙයි.

මේ වන විට මෙම නිවස පවතින්නේ බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන අමාත්‍යංශයට අයත්ව වන අතර එය ඉහළ පෙළේ රාජ්‍ය අමුත්තන්ට සුදුසු වන ආකාරයේ කාමර 20කින් සමන්විත සුපිරි හෝටලයක් බවට පත් කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේ අලුත්වැඩියා කොට විසුම්පාය ලෙස හැදින්වූ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි වූවක් වන මෙම නිවස කලකදී බ්‍රිතාන්‍ය පාලකයන් කිහිපදෙනෙකුගේ නවස්නව වූ අතර පසුකාලීනව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, දි.මු. ජයරත්න යන අග්‍රාමාත්‍යවරුන්ගේද නිල නිවස බවට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article