Friday, May 10, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වදින්න කියල දරුවන්ට පුරුදු කරන්න එපා, මන්ත්‍රී ඉෂාක් කියයි

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වදින්නට පාසල් දරුවන්ට පුරුදු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක රහුමාන් මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ අනුරාධපුර මහඉලුප්පල්ලම මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගීවූ අවස්ථවකදීය.

” අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා. දෙමව්පියන්ට ගුරුවරුන්ට වැන්දට කමක් නැහැ” යනුවෙන් ඒ මහතා එම අවස්ථාවේදී සදහන් කර ඇත.

අද වන විට පාර්ලිමේන්තුව සම්බන්දයෙන් තමන් කනගාටුවන බවත්,අනාගතයේදී එවැනි තැන් වලට යන්නේ මෙම දරුවන් බැවින ඔවුන්ට  හොදින් අධ්‍යාපනය ලබා දෙන ලෙසත් මන්ත්‍රිවරයා ඉල්ලා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article