Thursday, May 2, 2024

ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමෙනි ඔබට බැරිනම් ”රට ඉන්න එතික්ස් ගුරුවරුන්” කැදවා හෝ පුහුුණුකරවිම් අරඹන්න!

Must read

hambantota_croppedහමබ්න්තොටදි මාධ්‍යවේදියෙකුට පහර දිම අරභයා රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතරතුරදි අපේ රටේ හෙට දවසේ මාධ්‍ය කලාව වෙනුවෙන් ඉතාවැදගත් වු සංවාදයක්ද මතුව තිබුණි.
එනම් ජනමාධ්‍යවේදින්ගේ  ආචාර ධර්ම පිළිබදවය.
මෙයට නිමිත්ත වි තිබුනේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය රංග කලන්සුරිය මහතා විසින් මේ පහරදිම සමබන්ධයෙන් එළිදක්වන්නට යෙදුන මාධ්‍ය නිවේදනයේ වු මාධ්‍ය ආචාරධර්ම පිළිබදව කරුණයි.
මෙහිදි ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් නොබියව ප්‍රකාශකරන්නට යෙදුන හම්බන්තොට සිදුවිමේ සංවාදයට බදුන් කළ යුතු නිමත්ත වඩාත් හරවත් සංවාදයක් බවට පත්කොට ඉදිරියට ගෙනයනවාට වඩා ඇතැම් මාධ්‍ය කණ්ඩායම් සහ ඇතැම් මාධ්‍යවේදින් ඉදිරියට පැන තිබුණේ රංගට දෙන්නම් බැටේ යන ස්ථාවරය මත පිහිටාය.
මේ නිසාම ආචාරධර්ම පිළිබද හරවත් සංවාදය මේ අයගේ ඇගිලිතුඩු අතරන් රූටා පහලට වැටෙද්දි ඒ අත්වලට එක්ව තිබුනේ රංගට පහරගැසිම සදහා ගනු ලැබු කැටකැබිලිතිය.
අපේ රටේ මාධ්‍යකර්මාන්තය දැන් ඇත්තේ මරු කටේය. ඇත්ත අර්ථයෙන් ගත් කළ අපට දැන් මාධ්‍යවේදින් සිටිද යන තරමටම ප්‍රශ්ණයක් මතුකළ යුතුව ඇත්තේ රටේ බහුතරයක් මාධ්‍යකරුවන් අතර වෘත්තියභාවයක් ඇත්තේම නැති තරම්ය යන සංවාදයක්ද රටතුල දැන් මතුව ඇති පසුබිමකය.
මාධ්‍යකරුවන් පුහුණු කිරිම සදහා රටපුරා විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් විවිධ හෝටල්හිදි මාධ්‍ය වැඩමුළු පැවැත්තුවද ඒවාට සාපේක්ෂකව මාධ්‍යවේදින්ගේ වෘත්තියභාවය ඉහලගොස් නැත.ඒවාට හේතු ගණනාවක් බලපානවා විය හැක.
ඇතමුන් මේ වැඩමුළුවලට යන්නේ ඒවායෙන් ලැබෙන ගමන් වියදම් දිමනාව ඇතුළු තවත් ද්‍රව්‍යමය දැ ගැන සිතාය.
කෙසේ වෙතත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට දැන් මහහැරිය නොහැකි වගකිමක් පැටවි තිබේ.
එනම් ආචාරධර්ම පදනම් කොට ගත් මාධ්‍යකලාවක් රටතුල ගොඩනැගිම සදහා මුල පිරිම සම්බන්ධයෙනි.
ඒ සදහා රටපුරා පළාත් දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍යවේදින් පුහුණු කරන්න යැයි යන යොජනාවක්ද නිශ්චිතම දැන් මතුව තිබේ.
ඒ සදහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ දැනුම ප්‍රමාණවත් නොවන්නේ නම් පසුගිය රාජපක්ෂ සමයේ දිවි ගලවා ගැනිමට රටහැර ගිය හම්බන්තොට සිදුවිමෙන් මතුවු ආචාරධර්ම සංවාදය ගැන දිර්ඝ ලිපි ලියු විද්වත් මාධ්‍යවේදින් පිරිසක්ද පිටරටවල වෙසෙති.
ඔවුන්ගේ දැනුම් සම්භාරයන් අතිඉහලය.ලංකාවේ මාධ්‍යවේදින් අයිතිවාසිකම් ගැන මෙන්ම ආචාරධර්ම ගැනද ඇත්තේ  නිමනොවෙනා උනන්දුවකි.
එබැවින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට රාජපක්ෂ සමයේ රටහැර ගිය ඇතැම් ජේෂ්ඨ මාධ්‍යවේදින්ගේ සහය ලංකාවේ මාධ්‍ය ආචාරධර්ම පුහුණුකරවිම් සදහා ඇත්ත වශයෙන්ම යොදාගත හැකිව තිබේ.කළයුතුව ඇත්තේ විධිමත් ඇරයුමක් යැවිම පමණි( මේ අයගෙන් ඉතාමත් සිමිත පිරිසකට ඇත්තටම ලංකාවට ඒමට ඇති නොහැකියාව ගැනද සැලකිලිමත් විය යුතුය)
මේ අයගේ මාධ්‍ය ආචාරධර්ම පිළිබදව ඇති උනන්දුව මෙන්ම දැනුම ගැන මෑත අත්දැකිම් දැනගැනිමට අවැසි නම් JDS වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් මෑතකදිම පළවු දිර්ඝ ලිපිය පරිශිලනය කිරිමටද හැක.
නිව්ස් ලියන්න සල්ලි ගන්න වගේම නිව්ස් නොලියන්නත් සල්ලි ගන්න බහුතරයක් ප්‍රාදේශිය මෙන්ම ජාතික මාධ්‍යවේදින් ඉන්නා පසුබිමක ඒ අයට මාධ්‍ය ආචාරධර්ම කියාදිමෙන් පලක් වේදොයි දෙවරක් නොසිතා සියළු මාධ්‍යවේදින් පුහුණු කිරිමට පියවර ගන්නා ලෙස අප ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට අවධාරණය කරසිටිමු.
(ඡායාරූපය- JDS වෙබ්අඩවියෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article