Thursday, May 2, 2024

අධිකරණ ඇමතිට මඩකලපුවෙදි හමුනොවෙච්ච දමිළයන්ට පොලිස් පණිවිඩ යන්නේ තාමත් සිංහලෙන් ?

Must read

අධිකරණ කටයුතු හා බුද්ධ සාසන ඇමති විජේදාස රාජක්ෂ මහතා විසින් පසුගිය දිනක මඩකලපුවේදි ජාතිවාදි ස්වාමින්වහන්සේලා පිරිසක් මඩකලපුව මංගලාරාමයේදි හමුවිම සම්බන්ධයෙන් දමිල සමාජය අතර බරපතල ප්‍රශ්ණය මතුව තිබේ.
එයට හේතුව වන්නේ මෙහිදි අධිකරණය ඇමතිවරයා විසින් හමුවු මංගලාරාමයේ අම්පිටියේ සුමන යනු මඩකලපුවේ දමිල සහ මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රසිද්ධියේම වෛරිත්වය ප්‍රකාශ කළ හිමිනමකි.
එමෙන්ම ගලබොඩඅත්තේ ඥානසාර යනු අධිකරණ නියෝග නැගෙනහිරදි ඉරා දමා චණ්ඩි කතා ප්‍රසිද්ධියේ කියු අයෙකි.
ඉතින් අධිකරණ ඇමතිවරයාගේ මේ ගමනේදි  ගංජා ගැසු පිස්සෙකු මෙන් හැසිරුණු මංගලාරාම හිමිගේ සියළු හැසිරිම් එහි වෙසෙන සිංහල ජනයාගේ අඩනඩු නිසා යැයි යන හැගිමක්ද දැන හෝ නොදැන අධිකරණ ඇමතිවරයා විසින් මාධ්‍ය හමුවේ ඉගිකරන්නටද යෙදුණි.
තතු මෙසේ තිබියදි අප මෙහිදි මතුකරන්නට යන්නේ ඩඩකලපුවට ගිය අධිකරණ ඇමතිවරයා තාමත් නොදන්නේ දිනපතා සිදුවෙමින් ඇති ඇත්ත තත්වයක් ගැනය.
මෙහි දැක්වෙන්නේ මඩකලපුවේදි පොලිසිය විසින් එහි වෙසෙන දමිල ජනයා හට පැමිණිලි විභාගයන් සදහා පොලිස් පණිවිඩ තවමත් යවන්නේ සිංහලෙනි.හැමදාමත් සිදුවෙන මේ තත්වය ගැන කථා කරන්න අධිකරණ ඇමතිවරයාට නොහැකිවිම අහම්බයක්ද ?
නිලාන්දන් යනු නැගෙහිර ක්‍රියාත්මක තරුණ මාධ්‍යවේදියෙකි.ඔහු විසින් මඩකලපුවේ දිසාපතිතුමිය සම්බන්ධයෙන් ලියන්නට යෙදුන පුවත්ක් අරභයා පොලිස් පැමිණිල්ලක් සදහා ඔහුව මිට මාස කිපයකට ඉහතදි මෙවැනිම ආකාරයෙන් සිංහලෙන් පණිවිඩ යවා කැදවා පැමිණිල්ල විභාග කොට තිබුනේද සිංහලෙනි.
දැන් යළිත් වරක් සිංහලෙන් ඔහුට පොලිස් පණිවිඩයක් යවා ඇත.
ඉතින් අධිකරණ ඇමතිවරයා අම්පිටියේ සුමන ගැණ හිත උණුවේද්දි මේ දෙමළ ජනයාගේ ඇත්ත ප්‍රශ්ණ අමතක වන්නේ අහම්බයක් නිසාද ?
nilandan-sinhala-olice

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article