Thursday, May 16, 2024

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති එජාප මැයි රැළියට කෝච්චියෙන් යයි.

Must read

ashok_mayday_3Asoka train 2Asoak Train 1

බොරැල්ල, කැම්බල් පිටියේදී  (01 දා ) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමැරුමට සහභාගිවීම සදහා එජාප මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බස්රථ යොදාගනිමින් එම රැළියට පැමිණෙද්දී, ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් ඒ සදහා පැමිණියේ මුදල් ගෙවා වෙන්කරගත් දුම්රියකිනි.

දුම්රිය පෙට්ටි 05 කින් සහ දුම්රිය එන්ජිමකින් යුක්ත වූ එම දුම්රිය විශේෂ දුම්රියක් ලෙස අද උදෑසන 9. 30 ට කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් පිටත් වී මරදාන දුම්රිය ස්ථානය දක්වා ධාවනය විය. කොළ පැහැති සැරසිලි යොදාගනිමින් එම විශේෂ දුම්රිය සැරසිලි කර තිබූ අතර එහි සෑම පෙට්ටියක පාහේ ‘‘ මුදල් ගෙවා වෙන්කරගෙන ඇත.’’ යනුවෙන් දැන්වීම්ද අලවා තිබෙනු දැකගත හැකි විය.

මැයි රැළියට සහභාගි වන තම ආධාරකරුවන්ට වඩාත් සුවපහසු ගමනක් සහ වෙනස් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් තමන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත රුපියල් දෙලක්ෂ හැටදහහසක පමණ මුදලක් ගෙවා මෙම දුම්රිය වෙන්කරවා ගත් බව දුම්රිය ගමන ආරම්භ කිරීමට පෙර මාධ්‍යයට අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා පැවසීය. කුරුණෑගල ආසනය නියෝජනය කරමින් එම දුම්රියේ පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයින් 700 දෙනෙකු එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමැරුමට සහභාගි වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

www.wayabmatoday.com

ashok_mayday_1 ashok_mayday_2 Asoak train 3asoka train 6

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article